පුටින් ට වස දෙයි ද?

අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය බටහිර රටවල අවශ්‍යතාවය සඳහා යොදාගෙන ඇති බවයි ගැටුම් විශ්ලේෂකයන් පවසන්නේ.

තවද විශ්ලේෂකයන් පවසන්නේ හැකි ඉක්මනින් රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව සාම ගිවිසුමකට නොගියොත් මෙය අනිවාර්යයෙන්ම කෙළවර වෙන්නේ තුන්වන ලෝක යුද්ධයකින් බවයි. එනම් රුසියාව පෝලන්තය වෙත ප්‍රහාර එල්ල කිරීමක් සිදුකරොත් නේටෝ සාමාජිකත්වය දරන සෑම රටකටම යුද්ධයකට මුහුණ දීමට සිදුවනවා.

ඒ වගේම මේ වන විට රුසියාව දිගින් දිගටම මරියේ පෝල් නගරය වෙත ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් තවමත් රුසියානුවන්ට මරිය පෝල්  නගරය යටත් කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ එහි නගර වැසියන් ගේ හා යුක්රේන හමුදා භටයන්ගේ උත්සාහය නිසා. ඒ අතරේ මේ වෙනකොට මරිය පෝල් නගරයේ 2400ක පිරිසක් අවතැන් වෙලා තිබෙනවා.

තව ද කියෙව් අගනගරය වෙතත් තවමත් ප්‍රහාර එල්ල වෙනවා. තවමත් රුසියානු හමුදාවට එය යටත් කරගැනීමට නොහැකි වෙලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එසේ වුවත් කර්කිව් සහ මරයපෝල් නගරවලට වැඩිම හානියක් සිදුවී ඇති බව යුක්‍රේන රජය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

රුසියාවේ පමණක් සෙබළු 15,000ක් පමණ මිය ගොස් ඇති බව යුක්‍රේනය සඳහන් කරනවා. මිය යන සෙබලුන්ගේ මෘත ශරීර යුක්‍රේනය තුළම දමා යන බව සෙලෙන්ස්කි පුටින් හට චෝදනා කරනවා.

එමෙන්ම චීනය විසින් රුසියාවට යුධ උපකරණ ලබා දෙන බව යුක්‍රේනය සඳහන් කරනවා. නමුත් චීන ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔවුන් කිසිසේත්ම මෙම අර්බුදය වැඩි කිරීමට උපකාර නොකරන බවයි.

කෙසේ නමුත් මෙම යුධ ගැටුම් හමුවේ මිය ගිය, තුවාල වූ සහ අවතැන් වූ සංඛ්‍යාව ගැන නිශ්චිත වාර්තා නිකුත් වී නැහැ. එසේ වූවත් මිලියනයකට අධික ජන සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවත් සිවිල් වැසියන් 800ක් පමණ මියගොස් ඇති බවත් ගැටුම් විශ්ලේෂකයන් පවසනවා.

Social Sharing
නවතම විදෙස්