අද සිට බස් 50%ක්, නෑ

රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ කරයි.

27 දා මාධ්‍ය හමුවක් තබමින් අදහස් දක්වන එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරන්නේ කාර්යාල වේලාවන්, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් අද සිට ධාවනය කෙරෙන බවයි.

මේ අනුව දිවා කාලයෙ සහ මගීන් අඩු කාලසීමාවලදී බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතිනු ඇති.

Social Sharing
නවතම පුවත්