ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම මෙම යුද්ධයටද එය විශාල ලෙස බලාපා ඇති අතර මෙනිසා රුසියාව බලාපොරොත්තු වූ ඉක්මන් ජයග්‍රහන බලාපොරොත්තුව බිඳ වැටී ඇත. මෙම තත්ත්වය තුළ රුසියානු ජනාධිපතිවරයා මීටත් වඩා අන්තගාමී පියවරයන් වෙත යනු ඇතැයි බටහිර යුධ විශ්ලේෂකයෝ අනතුරු අඟවයි.

තත්ත්වය මෙසේ තිබියදී රුසියානු රූකඩ රාජ්‍යක්වන බෙලරුසියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බටහිරට අනතුරු අඟවා ඇත්තේ මෙම ආර්ථික සම්බාධක පියවරයන් රුසියාව තුන්වන ලෝක යුද්ධයකට තල්ලු කළ හැකි බවය. බැංකු ක්ෂේත්‍රයේ කියාත්මක සම්බාධක, ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් යුරෝපය සහ ඇමරිකාව ක්‍රියාත්මක වෙන ආකාරය යුද්ධයට වඩා දරුණු බවත් එනිසා මෙම ගැටුමේ අවසානය න්‍යෂ්ටික යුද්ධයක් විය හැකි බවත් බෙලරුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත.

යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, කැනඩාව සහ එක්සත් ජනපදය ප්‍රකාශ කරන්නේ තමන් තෝරාගත් රුසියානු බැංකු SWIFT ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් කපා හරින බවයි. මෙම සම්බාධක තර්ජන හමුවේ රුසියාව සහ බෙලරුසියාව නොනැසී පවතිනු ඇති බව ප්‍රකාශ කරන බෙලරුසියානු ජනාධිපතිවරයා බෙලරුසියාවට න්‍යෂ්ටික අවි ආපසු දෙන ලෙස තමා පුටින්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම විදෙස්