හිජාස් නිදහස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරමින් දීර්ඝ කාලයක් ‍රඳවාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්න යැයි අද (7) අභියාචනාධිකරණය නියම කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කරමින් පසුගිය 2020 අප්‍රේල් 14 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිජාස් අත්අඩංගුවට ගත් අතර මාස 18ක් රැඳවුම් නියෝග යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. පාස්කු ප්‍රහරයට අදාළව මොහු අත්අඩංගුවට ගත්තත්, ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියක් අපරාධ පරීක්ෂන දේපාර්තමේන්තුවට සොයාගැනීමට නොහැකිවී ඇති අතර, පසුව අන්තවාදී දේශනයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබ ඇත.

හිජාස් හිස්බුල්ලා තමන් අසාධාරණ අයුරින් රඳවා සිටින බව සඳහන් කරමින් නොයේක්වර ඇප ඉල්ලිම් සිදුකළත් එම ඉල්ලීම්වලට අධිකරණයෙන් සාධාරණත්වයක් හිමි නොවුණි.

Social Sharing
නවතම පුවත්