මැති ඇමැති 45ක් ජල බිල් ගෙවලා නෑ

ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මෙම පිරිසට විරුද්ධව නීතිප්‍රකාරව කටයුතු කිරීමට ජල සම්පත් මණ්ඩලය තීරණය කර ඇතැයිද දැනගන්න ඇත.

මෙම පුවත පිළිබඳව එම මණ්ඩලයෙන් කරුණු විමසූ අයිතිය වෙබ් අඩවිය මෙම මැතිඇමතිවරුන්ට ලබාදෙන ජල සම්බන්ධතා මෙම නොගෙවා සිටීම නිසා මේවනවිට සිඳලා ඇත්දැයි කරුණු විමසූ අතර එහිදී එම නිළධාරියා ප්‍රකාශ කළේ තවමත් එම ජල සම්බන්ධතා සිඳලීමට කටයුතු කර නොමැති බවයි. සාමාන්‍ය මනුස්සයෙක් මෙලෙස සිය ජල බිල්පත නොගෙවා සිටියේනම් වහාම විත් ජල සම්බන්ධතාවය සිඳලන ජල සම්පත් මණ්ඩලයේ මෙම හැරීම පිළිකුල් සහගතය.

Social Sharing
නවතම පුවත්