ගෑස් හිඟයි, කඩ වසයි!

රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි.

කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර දිවයිනේ අනෙකුත් නගරවල තත්ත්වය ද මෙයම බව වාර්තා වේ.

ගෑස් හිඟය ගැන අදහස් දක්වන ලිට්‍රෝ සමාගම මෙම ගෑස් හිඟය දුරලා නියමිත පරිදි ගෑස් සැපයීම සඳහා අවම සති දෙකක කාලයක්වත් යාවියැයි අනුමාන කරයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම් ගැසුණු පුද්ගලයන් අතර ආරවුල්ද හටගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම