මේ උද්ධමනයට වඟකියන්න ඕනෑ මහබැංකුව

පවතින උද්ධමනය අධි උද්ධමනකාරී තත්ත්වයක් බවට පත්කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව  වගකියන්න වෙන්නෙ මහබැංකුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

ආර්ථික ප්‍රශ්නවලට තිබෙන්නේ ආර්ථික උත්තර බවත්, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්ත බවත් ප්‍රකාශ කරන ඒ මහතා, ලෝකයේ තිබෙන ඕනෑම සංක්‍රීරණ ප්‍රශ්නයකින් එළියට එන්නට මාර්ග තිබෙන බවද, ලෝකයේ අනෙකුත් රටවල් එම මාර්ග භාවිතා කර ඇති බවද ප්‍රකාශ කරයි.

වර්තමානයේ උද්ගත ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට සහ බළධාරීන්ට ඇත්තේ දේශපාලන විසඳුම් බවත් ප්‍රකාශ කරන ඒ මහතා ‘මම 2020 නොවැම්බරයේ කීවා මේ රටට මොකක්ද වෙන්න යන්නෙ කියලා,  අද ඒ දේ ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා’ යයි ප්‍රකාශ කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය 02දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් තව දුරටත් ප්‍රකාශ කළේ  2019 /12/01 කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, භාණ්ඩාගාරයෙන්වත් අහන්නෙ නැතුව ජනාධිපති කාර්යාලයෙන් එවපු ඕඩරයක් මත විශාල ලෙස බදු කපා හරිමින් ක්‍රියාවට නැන්වූ ආර්ථික උපායමාර්ගවල කෙළවර මේ තත්ත්වය බවයි.

Social Sharing
නවතම