නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක

Priyantha Karunathilaka human rights violations in sri lanka

මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා පවසයි. ඔහු විසින් මේ අදහස් ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවති සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, රත්නපුර ප්‍රදේශයෙ ජනතාවට ප්‍රශ්නයක් ඇති වූ විගසම එයට එරෙහිව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් මින් පෙර තිබුණෙ නැහැ. මෙම දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන ජනතාව යම් කිසි සිදුවීමකදී පැමිණිල්ලක්…

Read More

ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!

Review of the Prevention of Terrorism Act

යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට ඇති විය හැකි බලපෑම පිලිබඳව විවිධ පාර්ශව විසින් කථා කරන්නට පටන් ගත්තේ යුරෝපා සංගමයේ මේ තීරණයත් සමගිනි. ආණ්ඩුවද යම් තිගැස්මකට පත් කළ මේ කථිකාවත නිසා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ආණ්ඩුව සුදානමින් ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව යුරෝපා සංගමයට වහාම දැනුම් දීමට කටයුතු කර ඇත්තේ ලංකාව මේ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් මේ වන…

Read More

සැකකරුවන්ට වැඩිම වදහිංසනය වන්නේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය තුල – නීතිඥ අථිල අතාවුද

Athila Athauda most torture of suspects is in the police

පොලිස් නිලධාරීන් සැමවිටම කටයුතු කරන්නේ ඔවුන්ගේ රාජකාරිය පිලිබඳ අධිතක්සේරුවකින් බවත් ඒ නිසාම ඔවුන් විවිධ උපකල්පන මත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නීතිඥ අථිල අතාවුද මහතා පවසයි. පොලිසීය අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24 ක් තුල මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු හෙයින් මේ පොලිසිය තුල රඳවා ගන්නා කාලය සැකකරුවන් වැඩි ලෙසම හිංසනයට පත් වෙන බව හෙතෙම කියා සිටියි. යම් උපකල්පන මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගෙන් පොලිස් කට උත්තරය ලබා ගැනීමේදීද පොලිසීය උත්සහ කරන්නේ ඒ උපකල්පනය තහවුරු වන ආකාරයෙන් බවත් ඒ නිසා ඔවුන්ගේ සැකය තහවුරු කර ගන්න ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරන බවද ඔහු පවසයි.…

Read More

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්

Suspects under the Prevention of Terrorism Act are more likely to be tortured

රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි. බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වග විය යුතු වුවද එය එසේ නොවන බව ඇය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමට වැඩි ඉඩක් ලබා දෙන බවත් මේ වදහිංසාව ශාරීරකව මෙන්ම මානසිකව විය හැකි බවත් ඇය අවධාරණය කර සිටියි. මෙයට නිදසුන් ලෙස ඇය  කියා සිටියේ පහුගියදා එරාවුර් වල සිදු හිංසාවය. ගොඩක් කාලයක සිට වදහිංසාව මේ රටේ…

Read More

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව

sriyani silva v. iddamalgoda police torture in sri lanka

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය…

Read More

ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!

sri lanka collective against torture Statement

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින බව වදහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය කියා සිටියි. වදහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. පසුගිය වසර තුළදී, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ…

Read More

වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

international day in support of victims of torture sri lanka

අද ජූනි 26 දාය. අද දින අපට වැදගත් වන්නේ වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය බැවිනි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය – ජුනි 26 යනු වදහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට ගෞරව කිරීම සහ සහයෝගය දැක්වීම සඳහා වාර් ෂිකව  පවත්වනු ලබන ජාත්‍යන්තර සැමරුමකි. වදහිංසනය විඳදරාගත් අයට  ගෞරවය පුද කරන, මෙය ලෝකයට කිව නොහැකි අයට එරෙහිව කථා කිරීමට ලබා දෙන අවස්ථාවකි. ලොව පුරා වධහිංසාවලින් දිවි ගලවා ගත් බොහෝ වින්දිතයින් සිහිපත් කිරීම හා ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා දිනයක් කැප කිරීම බොහෝ කල් ගතවී…

Read More