වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

අද ජූනි 26 දාය. අද දින අපට වැදගත් වන්නේ වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය බැවිනි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය – ජුනි 26 යනු වදහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට ගෞරව කිරීම සහ සහයෝගය දැක්වීම සඳහා වාර් ෂිකව  පවත්වනු ලබන ජාත්‍යන්තර සැමරුමකි.

වදහිංසනය විඳදරාගත් අයට  ගෞරවය පුද කරන, මෙය ලෝකයට කිව නොහැකි අයට එරෙහිව කථා කිරීමට ලබා දෙන අවස්ථාවකි. ලොව පුරා වධහිංසාවලින් දිවි ගලවා ගත් බොහෝ වින්දිතයින් සිහිපත් කිරීම හා ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා දිනයක් කැප කිරීම බොහෝ කල් ගතවී ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හේතු දෙකක් නිසා අද දිනය තෝරා ගෙන ඇත.  පළමුව, 1945 ජුනි 26 වන දින එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට  අත්සන් තබන ලද්දේ දෙවන ලෝක සංග්‍රාමය මධ්‍යයේ ය. මානව හිමිකම්වලට ගරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ට බැඳී සිටින පළමු ජාත්‍යන්තර මෙවලම මෙය වේ. දෙවනුව, 1987 ජුනි 26 යනු එක්සත් ජාතීන්ගේ වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීම් හෝ දඩුවම්  වලට එරෙහි සම්මුතිය බලාත්මක වීය. මේ නිසා ජූනි 26 වෙනි දින වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස තෝරා ගැනුණි.

මේ දිනය වාර්ෂිකව සැමරීමේ තීරණය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඩෙන්මාර්කයේ යෝජනාවට අනුව ගෙන යනු ලැබූ අතර එය ලෝක ප්‍රකට වධහිංසාවලට ලක්වූවන් සඳහා වූ ජාත්‍යන්තර පුනරුත්ථාපන කවුන්සිලයේ (IRCT) නිවහන වන්නේද ඩෙන්මාර්කයය. මේ දිනය අප ලංකාවේද වසරක් පාසා සමරනු ලබයි.

මේ නිමිත්තෙන් අද දින පස්වරු 3.00 ට වදහිංසාවට එරෙහි ශ්‍රි ලංකා එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානවහිමිකම් සංවිධානය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු යන මැයෙන් විශේෂ සංවාදයක් සංවිධානය කර ඇත. මේ සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ බැසිල් ප්‍රනාන්දු, නීතිඥ අම්බිකා සත්කුනනාදන්, නන්දන මනතුංග පියතුමා හා පිලිප් දිසානායක මහතා සහභාගී වේ. මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නීතිඥ දුලාන් දසනායක විසිනි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා පහත සබැඳිය හරහා මහජන ඔබටත් සහභාගී විය හැකිය.

Right to Life Sri Lanka is inviting you to a scheduled Zoom meeting.

Topic: “කොවිඩ් වසංගතය තුළ වධහිංසනයේ වසංගතයට ඉඩ නොතබමු!” – සංවාදය

Time: Jun 26, 2021 03:00 PM Asia/Colombo

Join Zoom Meeting

https://us02web.zoom.us/j/82405408146…

Meeting ID: 824 0540 8146

Passcode: 371656

 

-ශානි-

Social Sharing
නවතම