මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)

Eastern Terminal of the Port of Colombo

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ වගේ පෝර්ට් ලෝකෙ තියෙන්නෙ කිහිපයයි. එතකොට අපට දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම නැති වෙනවා. අපිට ලෝකෙ අඩුවෙන් සහනදායි මිලකට මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ තියෙන බිස්නස් එක අපි කෙරෙහි ඇද ගන්න…

Read More

වැඩකරන පංතියේ ජනතාවට  වෙනස් කළ නොහැකි දෙයක් නැහැ –  සුනිල් හඳුන්නෙත්ති

sunil handunnetti Eastern Terminal of the Port of Colombo

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ ජවිපෙ මූලස්ථානයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුව අමතමිනි. ආණ්ඩුව රාජ්‍ය බලය හා මාධ්‍ය බලය භාවිතා කරමින් ජනතාව තුළ වැරදි මතයක් තහවුරු කිරීමට සූදානම් වන බවත්, ජැටිය විකිණීමේ උත්සාහය පරාජය කිරීමේ ගෞරවය බලෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා පවසයි. කපටි ආරක්ෂකයන් විසින් ගන්නා මෙම උත්සාහය…

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?

What is the tripartite agreement signed for the Eastern Terminal of the Port of Colombo

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය. නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ  2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම…

Read More

වරාය සටනට මොනවා වෙයිද?

What will happen to the port battle

කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට  දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින් තැලෙන්නේ වරාය සේවකයාය. මේ වන විට වරායේ  නැගෙනහිර පර්යන්තය පවතින්නේ ඉහළම ලංසුවකය. එහි ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාවේ ආදානි සමාගමය. මේ අතර ද ලීඩර් පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර තිබුණේ අපූරු පුවතකි. ඒ  ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන බවය. වරාය…

Read More

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

The problem with the Eastern Container Terminal

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල නැගෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුල අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි. සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල කණ්ඩායම් තමන් අපේක්ෂා…

Read More

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට වෙච්ච දේ වරාය නැගෙනහිර ජැටියට වෙයිද?

oil tanks in trincomalee and the eastern terminal of the port

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි. ඉන්දියාව තරහ කර ගන්න බැහැ මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (18) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුවේදී රජය අපේ විදෙස් වෙළඳ ගනුදෙනු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බවත් විශේෂයෙන්ම ඉන්දියාව තරහා කරගැනීමට තමන්ට නොහැකි බවත්ය. අමාත්‍යවරයා පවසා සිටින්නේ ඔහු විසින් පත්කරන ලද කමිටුව මේ සම්බන්ධව ඉදිරි වැඩපිලිවෙල ගැන අධ්‍යනය කරගෙන යන බවය. ඔහු කියා සිටින්නේ…

Read More

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ?

දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි. මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ.…

Read More

නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම රට පාවාදීමක් නොවේ! – මංගල සමරවීර

Gathering foreign investors is not a betrayal of the country! - Mangala Samaraweera

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවද  හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙන අතර  ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක්…

Read More

නැගෙනහිර පර්‍යන්තය ගැන යථාර්තවාදීව

Realistic about the Eastern Terminal of the Port of Colombo

මං දන්න ලස්සන කෝපි කඩයක් (Coffee shop එකක් අනේ) තියනව කොළඹ. ඕක තියෙන්නෙ මුහුද අයිනෙ. ඕකෙ ඉතිං කෝපි එකක් රු. 1500ක් විතර වෙනවා. (මේක නිකං අර අපේ ගෙදරට නයෙක් ඇවිල්ල නයා ටීවී එක උඩිං ගියා, වොශිං මැශින් එක උඩිං ගියා කියල ගෙදර තියන බඩු ඔක්කොම කියන කතාවක් වගේ මං බොන කෝපි එකේ ගාන බලන්න මෙයා කියන කතාවක් නෙවෙයි ඈ. ඔය යාලුවෙක් එක්ක හරි meeting එකකට හරි ගියොත් ඇරෙන්න ඉතිං 1500 කෝපි හැමදාම බොන්නෙ නැහැ. බඩ වේලනවා.) ඉතිං දවසක් මං මගෙ යාලුවෙක් එනකං කරන්න දෙයක් නැති කමට ඔතෙන්ට වෙලා කෝපි බිබී…

Read More