හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීර පොලිස් අත්අඩංගුවේ දී මියගිය පුවතක් හුංගම පොලීසියෙන් වාර්තා වේ. 62 හැවරිදි ඒ මහතා ඊයේ ( දෙසැම්බර් 18) දින හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝහෝ දින මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මතය. අදාළ සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන විත් මද වේලාවකින් පසු සිර මැදිරිය තුළ ඇද වැටී ඇති අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළත් ඒ අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව විසින් ප්‍රකාශ කරන ලදී. මෙම සැකකරු සිරමැදිරිය තුළ සිටියදී බිම ඇදවැටෙන ආකාරය සී.සී.ටී.වී. කැමරා…
Read MoreTag: right to life in sri lanka law
වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…
Read Moreයක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!
උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි. මොහු ස්කෙයාවේටර් රියදූරෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ මිත්‍රයෙක් වන චාමර ඉදූනිල් යන අයගේ නිවසේ අවමංගල්‍යයක් සිදු ඇත. මොහු පහුගිය ( 22) එම නිවසේ පැවති මතක බණට ද සහභාගි වී එකී නිවසේ රැදී සිට ඇත. එදින සුදත් බණ ගෙදර ගොස් තිබුනේ ඔහුගේ යතුරුපැදිය යතුරු එකී ගෙවත්ත වෙත රැගෙන යාමට නොහැකි හෙයින් එකී නිවසට ප්රවිශ්ඨවන නිවස ඉදිරිපිට…
Read MoreWaligama Death | police torture in sri lanka | වැලිගම අභිරහස
Police torture | ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී | Buddika Madushan’s Story
පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක
අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය. රටක් සංවර්ධනය වන විට පොලිස් ප්රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්රචණ්ඩත්වයේ අඩුවක්…
Read Moreඅත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් ගැන රජය අමතක කළ කරුණු මොනවාද?
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට ප්‍රබල බලපෑමක් ඇති කරවන්නක් බවත් ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලය පවසයි. සමාජයේ විවිධ අංශ මුහුණ දෙන දුක්ගැනවිලි සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් කරන ලද විරෝධතා කිහිපයක් පොලීසිය විසින් බිඳ දමා තිබෙන බවත් එහි විශේෂම දෙය නම් ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝසප් ස්ටාලින් ඇතුළු සිවිල් සමාජ කණ්ඩායමක් විසින් සාමකාමී මහජන විරෝධතාවයක් පැවැත්වීම…
Read Moreතනි සිදුවීම් සඳහා විසඳුම් ගැනීමේ සිට පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ රාජ්‍ය බලය විදහා දැක්වීමකින් තොරවය, කොටින්ම ජාතික ධජය පවා නොමැතිවය. එය ජනාධිපතිවරයාගේ අවංක පෞරුෂය ප්රක්ෂේපණය කිරීමට සහ ජනතාවගේ සානුකම්පිත සහයෝගය ලබා ගැනීමට ගත් උත්සාහයක් බව පෙනේ. මෑත මාසකිහිපය තුලදී ජනාධිපතිවරයාට සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ලවෙමින් පැවති අතර එම තත්වය රජයේ පාලනයට නතු කර ගත නොහැකි විය. බොහෝ විවේචන රෝපණය කරනු ලබන්නේ අසාර්ථක වන ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයක්…
Read Moreපුරවැසියා නීතිය පිලිබඳ අවබෝධයෙන් අතිශය දුරස් පුද්ගලයෙක් වෙලා! (VIDEO) – සාහිත්‍යවේදී රවී සිරිවර්ධන
පොලිස් භාෂාවේ වෘත්තිමයභාවයක් නොමැති බවත් ඔවුන් සැකකරුවන්ට ආමන්ත්‍රණය කරන්නේම වැරදිකරුවන් බවට පත් කරමින් බව සාහිත්‍යවේදී රවී සිරිවර්ධන මහතා පවසයි. පොලිස් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් වැරදිකරුද/නිවාරදිකරුද කියා තීන්දුව ලබා දෙන තෙක් ඒ පුද්ගලයා සැකකරුවෙකු පමණක් වන නමුත් වර්තමානයේ පොලිසීය හැසිරෙන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා එම අවස්ථාවේදීම වැරදිකරුවෙකු බවට පත් කරමින් බව ඒ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. එම වීඩියෝව පහතින්…. -ශානි-
Read Moreදුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ
එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් සමඟ මරණ දඬුවම නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කර ඇත්තේ ඊට කිසිවෙකුටත් විරෝධතාවයක් මතු කරන්න බැහැ කියා රජය හොඳින්ම දන්නා නිසා බව සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා පවසයි. දෙමළ සිරකරුවන්ට නිදහස ලබා දෙන ලෙස වසර ගණනාවක සිට මෙරට තිබු ඉල්ලීමක් වන අතර එය ජාත්‍යන්තරය දක්වාම ගිය සිද්ධියක් බවත් ඒ නිසා මෙලෙස දෙමළ සිරකරුවන් 16 කට ජනාධිපති සමාව දෙන අවස්ථාවේම හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයාත් නිදහස් කළේ සැලසුමක් ඇතුව බවද ඒ මහතා පවසයි. දුමින්ද සිල්වාගේ නිදහස් කිරීමට විරෝධය දැක්වුවහොත් එසේ නම් කොටි නිදහස් කිරීමට කැමතිද කියා රජය පෙරළා…
Read More