දුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ

එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් සමඟ මරණ දඬුවම නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා නිදහස් කර ඇත්තේ ඊට කිසිවෙකුටත් විරෝධතාවයක් මතු කරන්න බැහැ කියා රජය හොඳින්ම දන්නා නිසා  බව  සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා පවසයි.

දෙමළ සිරකරුවන්ට නිදහස ලබා දෙන ලෙස වසර ගණනාවක සිට මෙරට තිබු ඉල්ලීමක් වන අතර එය ජාත්‍යන්තරය දක්වාම ගිය සිද්ධියක් බවත් ඒ නිසා මෙලෙස දෙමළ සිරකරුවන් 16 කට ජනාධිපති සමාව දෙන අවස්ථාවේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් නිදහස් කළේ සැලසුමක් ඇතුව බවද ඒ මහතා පවසයි.

දුමින්ද සිල්වාගේ නිදහස් කිරීමට විරෝධය දැක්වුවහොත් එසේ නම් කොටි නිදහස් කිරීමට කැමතිද කියා රජය පෙරළා ඇසිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් මේ තරම් සමාජ කැළඹීමක් මතුව ඇත්තේ ඔවුන් සම්බන්ධ සිදුවීම් ප්‍රධාන කරළියේ ඒවා නිසා බවත් නමුත් කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව අප්‍රසිද්ධව බන්ධනාගාරයෙන් නිදහස්ව යන පුද්ගලයින්ද සිටින බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24) දින පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

-ශානි-

Social Sharing
නවතම