පාලකයන් වෙනස් වන විට වෙනස් නොවන සත්‍ය සෙවීමේ කොමිසමක්! – ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංශ

truth and reconciliation commission sri lanka

අවුරුදු 2500 ක අතීතයක තිබුණා කියලා අපිට ජීවත්වෙන්න බෑ. ඉදිරි අනාගතය ගැනයි. ඉදිරි පරපුර ගැනයි හිතලා තමයි සාමය ඇති කරන්න යම් පියවරක් ගන්න ඕන. උතුරු නැගෙනහිර පලාත්වල ඇති වුනු අර්බුදකාරි තත්ත්වය නිසා ශ්‍රී ලංකිකයන් ලක්ෂයක් විතර මියගියා. මතු අනාගතයේ දී එවැනි දෙයක් නොවෙන්න ගතයුතු පියවර මොනව කියලා තමයි අපි බලන්න ඕන. ඒ සඳහා තමයි සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමට පියවර අරගෙන තියෙන්නේ. මේ තීරණය ගත්තේ 2016-2017 කාලයේ දී. නමුත් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ නෑ. රටේ හිටපු ජනාධිපතිවරුන් කොමිසම් පත්කළා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට. නමුත් ඔවුන් ඉවත් වුනාට පසුව ඒ වාර්තා පසෙකට දමා කටයුතු කළා. පාලකයන් වෙනස් වෙනකොට ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වෙනස් වෙනවා.

යම් පියවරක් ගැනීම සඳහා ක්‍රමවේදයක් සොයා බැලීමේ දී තමයි ස්වාධීන කොමිසන් සභාවක් ගොඩනැගීම පිළිතුරක් හැටියට යෝජනා වුවේ. ඊට හේතුව වන්නේ රජය වෙනස් වුවත්, පාලකයන් වෙනස් වුවත් ස්වාධීන කොමිසම දිගටම කටයුතු කරන්න පුළුවන්. ස්වාධීන කොමිසම මගින් සිදුකරන යෝජනා ඉදිරියට ගෙනයාමට හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන දැනටමත් අදාල කෙටුම්පතේ ඇතුළත් කර තිබේ. කෙටුම්පත දැනට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු නොවේ. මන්ද මේ කෙටුම්පත සඳහා ජනතාව, මේ ගැන උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ, සංවිධාන, සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර එම යෝජනා සුදුසු නම් ඒවා ද ඇතුලත් කිරීමෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ”

සත්‍යය හා ප්‍රතිසංධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාල,යේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගිය දා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනයේ දී පැවැති රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් සංවිධානය කරන ලද සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පුහුණු වැඩසටහනක සමාරම්භ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම සමාරම්භක රැස්වීම සඳහා සත්‍යය හා ප්‍රතිසංධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ නීති අංශය නියෝජනය කරමින් පිරිසක් ද සහභාගි විය. රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, වැඩසටහන් කළමනාකරු අජිත් පැරකුම්, නීතිඥ දුලාන් දසනායක ඇතුළු පිරිසක් සහභාගි විය. ජාතික සාම මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ද මෙහිදී අදහස් දැක්විය. ජාතික සාම මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මීට සහභාගි විය.

truth and reconciliation commission sri lanka

Social Sharing
අවකාශය නවතම