කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම් එන්නත මුලින්ම ඇනවුම් කර ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 2ක්, එක් එන්නතක් ඩොලර් 15 ගානේ බවය. ඒ 2021 ජුනි 22 වැනිදා වන අතර ඒ එන්නතම එම ප්‍රමානයම නැවත ජුලි 13 වැනි දින ඇනවුම් කර ඇති අතර ඒ එක් මාත්‍රාවක් ඩොලර් 7 බැගින් ය. මේ අනුව මුලින් ඩොලර් 15 බැගින් වූ එන්නත් මාත්‍රාවක් පසුව ඩොලර් 7ක් බවට…
Read MoreTag: rajitha senaratne news
ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්රයෙන් රතු එළියක්!
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…
Read Moreබෙහෙත් හිඟයක්…?
රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රකාශ කරයි. වර්තමානයේ උද්ගත ඩොලර් අර්බූදය තුළ ඖෂධ ආනයනයට විශාල බලපෑමක් සිදුවීම මෙම ඖෂධ හිඟයට හේතුව බව දැනගන්නට ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ ඖෂධ වර්ග 32කට වඩා හිඟ බවය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ණයවර ලිපිවලට මුදල්…
Read Moreලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට මේ අවුරුදු දෙකක කාලය අස්සේ මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත්ම තත්ත්වයට පත් කර ඇතැයි ප්‍රකාශ කරන හිටපු අමාත්‍යවරයා සල්ලි වෙන්කර තිබුණත් ඉදිකිරීම් කටයුතු, නවීකරණ කටයුතු සිදු නොකිරීමට මුදල් අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි ප්‍රකාශ කරයි. මෙයින් රටේ ආර්ථික අර්බූදයේ ස්භාවය පෙනී යන්නේ යැයිද ලංකාවට එලබෙන අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක් ණය පොලී සහ වාරික…
Read Moreරාජපක්ෂලාව නැති කරන්නේ ගෝඨාභය | Rajitha Senaratne
ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න
රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර යැවිය හැකි තත්ත්වයක් තිබුණ බවද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක සිටින බවද ප්‍රකාශ කරන ඔහු පවසන්නේ එහෙත් විපක්ෂය ඒ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග නොගත යුතු බවය. මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය ආණ්ඩුවේ ප්රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇති බවය. එනිසා පවත්නා ආර්ථික අර්බුදය විසඳා රට වර්තමානයේ වැටී තිබෙන…
Read Moreජනාධිපති කාර්ය සාධක බලකාය රට කෑවා | Rajitha Senaratne
එදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA
එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන්…
Read Moreඑන්නත්කරණයේ බිස්නස් එක!
මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා සිදුවන සෑම මරණයකටම,සෑම ආසදිතයෙකුටම ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් විශාල ප්‍රමාණයක් වෙන් කරගෙන සාමාජිකයින්ට පවසා ඇත්තේ සාමාජික මුදල් ගෙවා එන්නත ලබා ගන්නා ලෙසට බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ සාමාජිකයින්ට මේ එන්නත සීමාවක් නොමැතිව ලබා දුන් බවය. මේ ගැන සෞඛ්‍ය ක්ෂෙත්රයේ අනික් අංශ…
Read More