ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි.

ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට මේ අවුරුදු දෙකක කාලය අස්සේ මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත්ම තත්ත්වයට පත් කර ඇතැයි ප්‍රකාශ කරන හිටපු අමාත්‍යවරයා සල්ලි වෙන්කර තිබුණත් ඉදිකිරීම් කටයුතු, නවීකරණ කටයුතු සිදු නොකිරීමට මුදල් අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි ප්‍රකාශ කරයි. මෙයින් රටේ ආර්ථික අර්බූදයේ ස්භාවය පෙනී යන්නේ යැයිද ලංකාවට එලබෙන අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක් ණය පොලී සහ වාරික වශයෙන් ගෙවන්නට තිබෙන බවද එම මුදල් සොයා ගැනීම පිළිබඳව ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැති බවද ප්‍රකාශ කරන ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ 2022 අවුරුද්ද අවාසනාවන්ත අවුරුද්දක් විය හැකි බවය.

ආහාර මිල ඉහළ යෑම මෙන්ම ආහාර හිඟය නිසා සාගත තත්ත්වයක්ද 2022 තුළ උදාවිය හැකියැයි ප්‍රකාශ කරන හිටපු අමාත්‍යවරයා යම් හෙයකින් රට කඩාගෙන වැටුණ හොත් මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා තමන්ගේ රටට යනු ඇතැයි ප්‍රකාශ කරයි.

Social Sharing
ආර්ථික