මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම් එන්නත මුලින්ම ඇනවුම් කර ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 2ක්, එක් එන්නතක් ඩොලර් 15 ගානේ බවය. ඒ 2021 ජුනි 22 වැනිදා වන අතර ඒ එන්නතම එම ප්‍රමානයම නැවත ජුලි 13 වැනි දින ඇනවුම් කර ඇති අතර ඒ එක් මාත්‍රාවක් ඩොලර් 7 බැගින් ය.

මේ අනුව මුලින් ඩොලර් 15 බැගින් වූ එන්නත් මාත්‍රාවක් පසුව ඩොලර් 7ක් බවට පත් වූයේ කෙසේද යන්නත්, ඒ අනුව මේ එන්නත් මාත්‍රාවක සැබෑ මිල ඩොලර් 7 බවත්, රාජිත සේනාරත්න මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර ඇත. මෙම තත්ත්වය තුළ මෙම ගණුදෙනුව හරහා රු කෝටි 320ක වංචාවක් සිදුකර තිබෙන බවත්, මෙම ගණුදෙනුව ගැන ආණ්ඩුව රටට කරුණු පැහැදිලි කළ යුතුව ඇති බවත්, හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම