ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න

රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය.

මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර යැවිය හැකි තත්ත්වයක් තිබුණ බවද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක සිටින බවද ප්‍රකාශ කරන ඔහු පවසන්නේ එහෙත් විපක්ෂය ඒ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග නොගත යුතු බවය.

මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇති බවය. එනිසා පවත්නා ආර්ථික අර්බුදය විසඳා රට වර්තමානයේ වැටී තිබෙන ආගාධයෙන් ගොඩගන්නට නම් ජාතික ආණ්ඩුවකට හෝ එය අසාර්ථක වන්නේ නම් ඉක්මන් මැතිවරණයකට හෝ යා යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැවසූබව ඔහු ප්‍රකාශ කළේය.

මෙම ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ එහෙම සූදානමක ආණ්ඩුව සිටින බව තමන්ටත් දැනගන්නට ඇති බවය. එහෙත් විපක්ෂය ජාතික ආණ්ඩු උගුලේ හසුනොවී සිටිය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම