විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස් මතුවෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසද්දී විපක්ෂ නායකයාගේ මතය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි කාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ…
Read MoreTag: Parliament of Sri Lanka
රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පසුගිය 12 දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබුණි. “සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට…
Read Moreරංජන්ට සිර දඬුවම් විඳින්න සිදුවුනේ ඔහු සීමාවන් ඉක්මවා ගිය නිසයි! – චමල්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. වසර 35 ක පාර්ලිමේන්තු දිවිය තුළ තමන් කිසි විටෙකත් අධිකරණය සම්බන්ධ කටයුතු වලට අනවශ්‍යය මැදිහත් වීම් සිදුකර නොමැති බවත් එවැනි වැරදි කරන්නේ නම් ඔවුන්ට දඬුවම් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා කීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පැවැති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු…
Read More