චමල්, හූවට බයේ සමරු ඵලකය කැන්ෂල් කරයි.

මාඳුරුඔය දකුණු ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළව දකුණු ඇල ව්‍යාපෘතිය ඇරඹීමේ සමරු ඵලකය විවෘත කිරීම එලබෙන ඉරිදා එනම් හෙට (6) හවස 3ට යොදාගෙන තිබුණත්, ජනතාව හූ තියාවියැයි කියමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එම උත්සව අවස්ථාව කල්දමා ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහවැලි අධිකාරියේ නිළධාරියෙක් ප්‍රකාශ කළේ  අරලගංවිල මහඔය පාරේ මාදුරුඔය ජලාශයට හැරෙන හන්දියේ සමරු ඵලකය ඇලවීම සඳහා සකස් කළ කළුගලද හිටවා ඇතැත් අවසානයේ එම උත්සවය අවලංගු කර ඇති බවය.

මේ අනුව අම්පාර ප්‍රදේශයේ රැස්වීමකට පැමිණෙන චමල් රාජපක්ෂ අමාත්‍යවරයා හවස දකුණු ඇල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් පමණක් සිදුකරනු ඇති බව දැනගන්නට ඇත.

කේ. සංජීව

Social Sharing
නවතම