බැසිල් ගේ කටේ ලොක් එක අරින්න, නියෝගයක් ඉල්ලයි!

රට මෙතරම් ව්‍යසනයකට පත්වී තිබෙන මෙම කාලය තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස 03ක් පාර්ලිමේන්තුව අමතා නැතැයිද එනිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ කතාකරන්න යැයි, නියෝගයක් නිකුත් කරන්න යැයි, කථානායකවරයාගෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා ඇත.

‘ගරු කථානායකතුමනි අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒත් අපේ මුදල් ඇමතිතුමා අවසන් වරට මේ පාර්ලිමේන්තුවේ කතා කළේ පසුගිය දෙසැම්බර් 10ය. දැන් මාස 3ක් වෙනවා. මේ මාස 3න ඇතුලත වචනයක් වත් එතුමා කතා කරලා නැ. රට ව්‍යසනයක තියෙන්නේ, සෑම අංශයක්ම අවුල් වෙලා. නමුත් රටේ මුල්‍ය තත්වය පිලිබඳව මාස 3ක් එතුමා ප්‍රකාශයක් කරලා නැ. ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. ආණ්ඩු පක්ෂය කැඳවලා කරුණු කිව්වා. නමුත් මාස 3ක් පාර්ලිමේන්තුවට වචනයක් කිව්වේ නැ. එම නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම නියෝගයක් දෙන්න, පාර්ලිමේන්තුවට රටේ මුල්‍ය තත්ත්වය දැනුම් දෙන්න කියලා’ යැයි එම ඉල්ලීම කරමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම