බදාදා, පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..?

එලබෙන මැයි 04 වෙනි බදාදා නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරය කා සමග ද යන ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි වාර්තා වෙන අතර එම පිළිතුර අපේක්ෂාවෙන්ම පොහොට්ටුවෙන් ස්වාධීන  වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා තම කණ්ඩායමේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක සඳහා යෝජනා කරනු ඇති.

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගිය දා ඉවත්වූ අතර එම පුරප්පාඩුවට පොදුජන පෙරමුණ ඩිලාන් පෙරේරා ඉදිරිපත් කරන්නට තීරණය කර ඇත.

ඒ අනුව නියෝජ්‍ය කතානායක සුදර්ශනී ද ඩිලාන් ද යන්න තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇති අතර එහිදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තිබෙන්නේ දැයි පරීක්ෂාවට ලක්වෙනු ඇති.

Social Sharing
නවතම