ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක

Sajith Premadasa government should resign

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත තැනකට අපේ රට තල්ලු කොට ඇතිදැයි වටහා ගැනීමට ඔවුන්ගේ වසරකට වැඩි පාලන කාලයම නොව, සතියක් දෙකක් තුළ සිදුකොට ඇති ව්‍යසනයම ප්‍රමාණවත් ය. විදුලිය නැති, ජලය නැති, ගෑස් නැති දුර්භාග්‍යසම්පන්න ඉරණමක් මේ ආණ්ඩුව රටට ඉතිරිකොට තිබේ. අසීමිත ලෙස උද්ධමනය ඉහළ ගිය, දරාගත නොහැකි තරම් ජීවන වියදමෙන් පීඩා විදින තුන්වේල වෙනුවට එක්වේලක් හෝ කන්නට බැරිතරමට දුක් විදින…

Read More

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

Three petitions against the Money Amendment Bill

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එහි හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන ඊ.කේ විතාන විසින් ඊයේ (26) එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. අගමැති  මහින්ද  රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස සිටියදී මේ මස 20 වැනිදා පාර්ලිමේන්තුවට…

Read More

විපක්ෂේ දොරවල් ඇරගනී!

Ranil Wickremesinghe Sajith Premadasa Transfer of party members

පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික පක්ෂයත් එසේ බලා ඉන්නා පක්ෂ දෙකයි. එජාපය හැර ගිය කිසිවකුටත් පක්ෂයේ දොර වසා නැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා තිබුණි. “සජබේ ඉන්න වැඩි දෙනෙක් අපේ යාළුවන් සහ හිටපු UNP මන්ත්‍රීවරුන්යැ,” යි හිටපු අමාත්‍ය විජේවර්ධන සති අන්තයේ මාධ්‍යවේදීන් අමතා කොළඹ ජානකි හෝටලයේ පැවති රැස්වීමකදී පවසා තිබුණි. ඊට ප්‍රතිචාර දක්වන සජබ නායකක්, ඔවුන්ගේ පක්ෂයේ…

Read More

අනීතික ඝාතන වහා නවත්වන්න – විපක්ෂ නායක

stop extra judicial killing sri lanka sajith premadasa SJB

පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු වු යම් සිද්ධීන් නිසා පොලිසියට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය. මෙම ඝාතන සම්බන්ධයෙන් ඊයේ (13) දින විපක්ෂ නායක කාර්යාලයේ ද අවධානයට යොමු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ  අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත්, එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්ය. පොලිසිය…

Read More

රන්ජන් ට සමාව දෙන්න ජනාධිපති එකඟයි තිස්ස අත්තනායක කියයි.

Attanayake says President gotabaya agrees to pardon Ranjan ramanayake

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු  සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 28 දින අඟුණකොළපෑලැස්සේදී පැවසීය. අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරයේ සිටින රංජන් රාමණායක මහතාගේ සුව දුක් බැලීම සදහා පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ එසේ පැවසීය. දැන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී තුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයෙක් විධියට නොවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතු…

Read More

රන්ජන්ගේ මන්ත්‍රීධූරයෙන් හෙළි වන විපක්ෂයේ දේශපාලන පෞරුෂයේ ගැටළුව?

ranjan ramanayake parliament seat Samagi Jana Balawegaya

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට ඉඩ ලබා දී සමස්ත පාර්ලිමේන්තු ඉතිහාසයටම කැළලක් එක් කිරීමට කටයුතු කර තිබියදීය. එකී දිවුරුම් දීම විදෙස් මාධ්‍යයන්ගේද අපූරු සිරස්තලයන්ගෙන් වාර්තා කරමින් ලංකාවේ දේශප්‍රේමයේ තරම මැනවින් ලෝකයට වටහා දී තිබුණි. කතානායකවරයාගේ නිර්ලජ්ජිත ස්වරූපය එළිදරව් වුනු ප්‍රධාන සිදු වීමක් ලෙස එකී දිවුරුම් දීම හැඳින්විය හැක. එකී කතානායකවරයාට කිසිදු අභියාචනා අවස්ථාවක් නොමැති…

Read More