කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ravi

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…

Read More

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට විශේෂ කැපකිරීම් කිරීමට සිදුව ඇති බවය. විශේෂයෙන්ම වසංගතය නොතකා සේවයට පැමිණීමට, ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානමක් ගැනීමටද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව  ලෙස  රුපියල්  7500 බැගින් පසුගිය මාස තුන සදහා ලැබුන බව සදහන්…

Read More

කොවිඩ් බොඩි බෑග් මිලදි ගන්න තවත් ටෙන්ඩරයක් !

කොවිඩ් මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් බොඩි බෑග් 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පැවසේ. මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත. දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත. මීට පෙරද 2020 වසරේ දී ලංකාවට…

Read More

ස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලංකාවට පැමිණි පසු එය ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයට හා කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයටය. ස්පුට්නික් V එන්නත් 150 000 කට ආසන්න පිරිසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ දී එන්නත්කරණය සිදු කළ අතර  එම පිරිසට මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලගත නිලධාරීන් ද ඇතුළත් විය. ඔවුන් ස්පුට්නික් V එන්නත…

Read More

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!

භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතුය. සාමාන්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ජීවානුහරණය කළ අත්මේස්, KN95 මුව ආවරණයක් සහ ගුණාත්මකභාවයෙන් යුතු ශරීර ආවරණයකින් ද යුක්ත වේ. නමුත් මෙම සමාගමෙන් ලබා දෙන ඇඳුම් කට්ටලය භාවිතයට නුසුදුසු බවට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෛද්‍ය සැපයීම අංශයට…

Read More

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව උද්ඝෝෂණද?

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වු බව මෙහිදි පෙන්වා දී ඇත. මේ වන විට කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී…

Read More

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

Contradictory statements of the Ministry of Health Nalaka Gunawardene

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද කියන සැකය මතු වෙන බවද ඔහු කියා සිටියි. ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශීලි කථිකාවතට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා මෙසේද පැවසුවේය. මේ ඇත්තේ ආපදා අවස්ථාවක්. සුනාමියෙන් පසු අප මුහුණ දුන්…

Read More

කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!

Ministry of Health inquires from Dr.Chamal Sanjeewa

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් යවා තිබුණේ පහුගිය දිනයේය. එහි කියා තිබුණේ  විවිධ දත්ත තොරතුරු ලබා දීම, සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරිම තුලින් ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයිමට බාධාවක් වී ඇති බවත් එය මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් බවය. ඒ නිසා එවැනි කටයුතු මින් ඉදිරියට නොකරන ලෙසත් ඒවා නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයින්ට එරෙහිව විනයානුකූල ක්‍රියා මාර්ග…

Read More

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්

ravi kumudesh Circular relating to the provision of information to the media

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් ලෙස යවා තිබු මෙම චක්‍රලේඛය පැරණි එකක් බවත් මන්ද මෙහි සඳහන් කර ඇති වගන්තිය පැරණි එකක් යැයිද ඔහු පෙන්වා දෙයි. 100% ක් ජනතාවට වග වෙන සියලු පහසුකම් වලින් සහිත සෞඛ්‍ය සේව සේවාවක් නැති කොට මෙම තොරතුරු වාරණය කිරීම ඉතාම නරක තත්ත්වයක් බව අවධාරණය කරන ඒ මහතා පවසන්නේ…

Read More