“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

CID influences witnesses in Hijaz Hezbollah case

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!

Investigations into the Easter attack sarath weerasekara

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය  සරත් වීරසේකර මහතා පවසයි. මීට වසර 12ට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මෙම රජය, ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පවසයි. 2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂම…

Read More

නීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!

dappula de livera sarath weerasekara easter attack presidential commission

වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි. මේ අතර ඔහු ඊයේ (15) දින මහජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර සිටියේය. ඒ තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, ඊට ආධාර අනුබල දුන්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ  එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බවය. ඔහු එයට හේතු ලෙස සඳහන් කර තිබුනේ ඊට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…

Read More

“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්

easter attack presidential commission Nalin Bandara

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවම ඒ පිලිබඳ ඇත්තේ උණුසුම් කථා බහකි.  මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වාර්තාව ලබා දී ඇත. එමෙන්ම මේ සම්බනධ පොලිසීයේ විමර්ශන පිලිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පහුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද කළේය. කාදිනල් හිමියන්ද එක හඬින් ඉල්ලා සිටින්නේ මේ ප්‍රහාරයට වගකිව යුත්තට දඩුවම් පමුණුවා අගතියට පත් පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙසය. මෙවන් පසුබිමක් තුල පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ මාතෘකාව දේශපාලන වේදිකාවේ උණුසුම් වී ඇත. එහිදී එකිනෙකා එකිනෙකාට චෝදනා කර ගනිමින්…

Read More

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

Sri Lanka Easter Sunday Attacks Keheliya Rambukwella Ashoka Abeysinghe

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම් සදහන් කරමින් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කළ ප්‍රකාශය තහවුරු කළ හැකි සාක්ෂි නොපමාව ඉදිරිපත් කොට සැඟවුණු සත්‍ය සොයා ගැනීමට උපකාර කළ යුතු යැයි ඊයේ (11) කුණ්ඩසාලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.…

Read More