කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

Kebithigollewa Covid Prevention Unit oxygen shortage sri lanka

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි සත්කාර ඒකකය තාවකාලිකව සකසා තිබේ. දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් පහසුකම් නොමැති වූවත් සමාන්‍ය ඇඳන් භාවිතා කර ඊට කබඩ් ලාච්චු තබා රෝගීන්ට ඔක්සිජන් ලබාගැනීමට හැකි ආකාරයට ඇඳන් සකසා තිබේ. ඒ අනුව කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ ඇඳන් හතරක් සකසා ශ්වසන අපහසුතාවය ඇති රෝගීන්ට ඔක්සිජන් ලබාදෙමින් ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ. වාට්ටුව තුළ…

Read More

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

elle gunawansa thero covid pandemic sri lanka india

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට, සුනාමියට මුහුණ දෙමින් විශාල දුක් වේදනා රැසකට මුහුණ දීපු ජනතාවක් මේ රටේ සිටින බවත් ඔවුන් දැන්  කොරෝනාවට මුහුණ දෙන බවත්ය. අපේ ජීවිතේ ගෙවිලා ඉවර වුණේ ඒවාට යැයිද ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. සරුංගලේ නූල කඩලා දැම්මා වගේ දැන් පාවී යන බවත් කොයි වේලේ කූරියා ගහලා වැටෙයිද දන්නේ නැති බවත් මෙතුවක් කලක් රජයට භාරදී සිටි නමුත් දේශපාලනඥයන්…

Read More

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

covid pandemic situation sri lanka ministry of health

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය. නමුත් මෙහිදී හෘද රෝග හෝ…

Read More

අවුරුදු සමයෙන් පසු කොවිඩ් තෙවැනි රැල්ලක් එපා! –  වෛද්‍ය පද්මා ගුණරත්න

Covid 19 Third wave Dr. Padma Gunaratne SLMA

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු තවත් කොවිඩ් 19 රැල්ලක් ඇති වීම  වළක්වා ගැනීම ජනතාව සතු වගකීමක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරතන මහත්මිය පවසයි. ලෝකයේ රටවල් වල කොවිඩ් වසංගතය පාලනය වී තිබු නමුත් යළි එය හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි පෙන්වා දෙන ඇය පවසන්නේ ඊට ආසන්නතම නිදසුන ලෙස ඉන්දියාවේ කොවිඩ් රෝගීන් දිනකදි ලක්ෂය ඉක්මවා යාමය. ඒ නිසා ලංකාවේද යළි කොවිඩ් අවදානමක් මතු නොවීමට නම් අවුරුදු සමය තුළ ජනතාව විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඇය පවසයි. අවුරුදු සමයට අයත් නිවාස…

Read More