පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

Parami Ranasinghe Suspension Rahul Samantha freedom of press in sri lanka

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන්නීය. මෙම සේවය අත්හිටුවීමට හේතුව ලෙස ඇය එහිදී සඳහන් කරන්නී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීම මෙම සේවය අත් හිටුවීමට හේතුව බවයි. ‘අද පටන් රූපවාහිනිය මාහට තහනම් භූමියක් බවට පත් වී ඇත්තේ මා මගේ මුහුනු පොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසා ය’.…

Read More

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?

BBC Journalist Nimalarajan is the War Crimes Unit of the British Police

BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ  බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. අත්අඩංගුවට ගන්නා ලද්දේ නිමලරාජන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ‘නැපෝලියන්’ නමින් ප්‍රකට සෙබස්තියන්පිල්ලේ රමේෂ් බව ලාංකික හා ඩයස්පෝරා මාධ්‍ය ආයතන ගණනාවක්ම වාර්තා කර තිබුනත් බ්‍රිතාන්‍ය පොලිස් බලධාරීන් ඒ බව තහවුරු කළ බවක් දැනගන්නට නැත. අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුණේ එක්සත් රාජධානියේ, 2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතෙහි 51 වැනි වගන්ති  ප්‍රකාරව ය. මෙකී ප්‍රතිපාදන…

Read More

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය

Shehan Malaka Gamage PTA easter attack sri lanka penal code

-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන අදහස් හේතුවෙනි. බැලූ බැල්මට ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටියට පටහැනිය. පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඇතිව මෙන්ම ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිවද අත්අඩංගුවට ගැනීමේ හැකියාව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාම නිලධාරීන්ට තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) ව්‍යවස්ථාවට අනුව අත්අඩංගුවට ගැනීමට හේතුව ෂෙහාන් මාලකට ප්‍රකාශ කිරීම ඕනෑකමින්ම සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස්…

Read More

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!

chamuditha samarawickrama Sehan malaka gamage manorama weerasinghe attack on journalist in sri lanka

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල  වු අසුචී සහ ගල් ප්‍රහාරයේ  වගකීම තවමත් නිශ්චිත ලෙස කිසිවකුත් සෘජුව චෝදනා ලබා නැති නමුත් අනෙක් සිව් දෙනාම හිරිහැරයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙනි. මේතාක් යුක්තිය ඉටු නොවු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ අවදි කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍යවෙිදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරය එල්ල වු…

Read More

ෂෙහාන් මාලක ලයිව් ආවේ නැතිනම් ඔහුට කුමක් වෙයිද?

Shehan Malaka Gamage journalist arrested Civil Activist malcolm ranjith statement

ෂෙහාන් මාලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් පැමිණියේ නැති නම් ඔහුට වන දේ සිතා ගැනීමටවත් නොහැකි බව කාදිනල් හිමිපාණන් කියා සිටිති. පසුගිය 14 දා ෂෙහාන් මාලක තරුණයා සුදු වෑන් රථයක් පැමිණ පැහැරගත් බවත් මෙය කුමන වර්ගයේ අත්අඩංගුවට ගැනීමක් දැයි ප්‍රශ්න කරමින් කාදිනල් හිමි‍යන් ප්‍රකාශ කළේ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරගන්නට බැරි නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා හඬ නඟන මෙවැනි තරුණයන් අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවය. අද (15) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමෙන්තුවට තදින්ම දෝෂාරෝපනය කළ කාදිනල් හිමිපානන් නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට…

Read More

රටේ මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස කඩාගෙන වැටිලා

රටේ ජනමාධ්‍ය නිදහස මෙන්ම පුද්ගලික නිදහස ද මේ වනවිට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇති බව 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. එම සේනාංක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට රට පාලනය කරමින් සිටින ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාර බවය. පාලනය භාරගෙන අවුරුදු තුනක් ගත වෙන්ටත් මත්තෙන් ලංකාවේ බිහි වුනු කිසිම ආණ්ඩුවක් මෙවන් තත්ත්වයකට පත්වෙලා නැතිබව ප්‍රකාශ කරන ඒ මහතා ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ගේ ගෞරවය නැතිවෙලා තිබෙන බවත්, රටේ රාජ්‍ය නායකයාගේ…

Read More

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම

chamuditha samarawickrama attack Sachithra weerasekara attack on journalist

මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු කියනවා පියුමි හංසමාලි කියන කාන්තාව ඉන්නවා කියලා. සමහරු කියනවා මේක හිරු ටීවී එකේ රේටින්ග්ස් වැඩිකරගන්න ගහපු ගැටයක් කියලා. මට නම් හිතෙන්නේ මේක ඊටවඩා බරපතළයි කියලා. චමුදිතට එරෙහිව ටිකක් කෑගෑවට පියුමි හංසමාලිට මේ ප්‍රහාරය එල්ල කරන්න ශක්තියක් ඇති කියලා මටනම් හිතෙන්නේ නෑ. මේ ස්ථානය පිළියන්දල පොලීසියට ආසන්න තැනක්. මේ ප්‍රහාරය එල්ලවුණාට පස්සේ මේ ලියුම්කරුට කතාකරපු පොලිස්…

Read More

මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

chamuditha samarawickrama attack on journalist press freedom

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය, හැමදෙනාම සතු අත්හල නොහැකි අයිතියක් බව අප අවධාරණය කරමු. කොතෙක් බාධක පැමිණියත්, මාධ්‍ය ආචාර ධර්ම මත පදනම්ව ජනමාධ්‍යවේදීන් සත්‍ය තොරතුරු පුරවැසියා වෙත ගෙන යා යුතුය. කිසියම් පුද්ගලයෙක් පක්ෂයක් හෝ කණ්ඩායමක් එයට විරුද්ධව කටයුතු කරන්නේ නම් ජනමාධ්‍ය සමාජය එයට එරෙහි විය යුතුය. සටන් වැදිය යුතුය. මේ අවස්ථාවේදී…

Read More