අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ. එම එක් විරෝධතාවයක් කොළඹ කොටුවේ පැවති ඇති අතර එම විරෝධතාවයෙන් පසුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය වෙත පාගමනක නිරතව ඇත.
Read MoreTag: විදුලි අර්බුදය
ආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!
-ශිරාල් ලක්තිලක- ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය. අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් මීළඟ ජාතික මැතිවරණය පවත්වන තෙක් පිහිටුවන ලෙසටය. එසේම ගෝඨාභය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව පිළිගන්නා නමුත් එසේ ඉල්ලා අස්වීම සඳහා සාධාරණ කාලවකවානුවක් ලබාදී එතෙක් රටේ පාලන බලය පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන විධායක කමිටු ක්‍රමයකට භාරදෙන ලෙසට අප කියා සිටියේය. එවැනි ඉල්ලීමක් යථාර්තයක් කරගැනීම සඳහා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක රජකු බවට පත්කෙරුණු ජනාධිපතිගේ…
Read Moreපෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක් උද්ගතව තිබුණි. මෙතෙක් අප දැන සිටි නගරබද වාහන තදබදය සිදුවුණේ, පාරේ යනෙ’න වාහන ප්‍රමාණයේ අධිකතාව නිසා ය. දැන් පාරේ දිවෙන වාහන අඩුයි. අද වාහන තදබදය ඇතිවන්නේ, ඉන්ධන සඳහා පාරවල් අරක්ගත් මේ වාහන පෝලිම් නිසා ය. අපේ ජීවිත කාලයේ ප්‍රථම වතාවට, දුවන වාහන නිසා නොව, නොදුවන වාහන නිසා වාහන තදබදය ඇති කෙරුණු අවස්ථාව මෙයයි. පෝලිමක් යනු,…
Read Moreචූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read Moreඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්‍ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreපුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
– අජිත් පැරකුම් ජයසිංහ – පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම…
Read Moreගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ. ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.
Read Moreඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…
Read Moreආර්ථිකය තවත් ප්‍රපාතයට
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්‍ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…
Read Moreවිරෝධය දක්වන්න මිරිහානට ගිය පුද්ගලයෙක් මරුට
සමාජ මාධ්‍ය වාරණයට විරෝධය දක්වා ජනාධිපතිවරයාගේ නිවස සමීපයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් ඇදවැටී මිය ගොස් ඇත. විදුලි සේවකයෙක් බව ප්‍රකාශ වෙන මෙම පුද්ගලයා විදුලි කණුවට නැඟි අවස්ථාවේ තවත් පිරිසක් විදුලිය විසන්ඳි කරලන්නට කටයුතු කළත් එම අවස්ථාවේදී එම පුද්ගලයා ඉන් පහළට වැටී ඇත. එම අවස්ථාවේම කළුබෝවිල රෝහලට මෙම පුද්ගලයා රැගෙන ගියත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වී ඇත.
Read More