ලෝකයේ මිලියන 25 ක් මිනිස් ජාවාරමේ ගොදුරු වෙලා!

25 million people are victims of human trafficking

මිනිස් ජාවාරමට ළමුන් ද ඇතුළුව මිලියන 25 ක ජනතාවක් ගොදුරු වී ඇති බවත් මෙම අපරාධය මානව හිමිකම්වලට කරන නිග්‍රහයක් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා පවසයි. එමෙන්ම මෙය  ගෝලීය අර්බුදයක් වන අතර එය මිනිස් දුක් ගැහැටවල අතිමහත් ප්‍රභවයක් යැයි ඔහු සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති “පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ වාර්තාව” සැලකිල්ලට ගනිමිනි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමේදී නරකම වැරදිකරුවන් ලෙස රටවල් 17 ක් නම් කිරීමට පියවර ගෙන ඇත. “පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ වාර්තාව” තුල රටවල් 188…

Read More

පෙගසස් හරහා දරුණුතම මානව හිමිකම් උල්ලංඝනයක්!

Pegasus software NSO Group

ලෝක ඉතිහාසයේ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වෙමින් පවතින බව ජනතාවාදී සිවිල් සංවිධාන රැසක් චෝදනා කරමින් සිටියි. ඒ ඊශ්‍රායලයේ සමාගමක් විසින් නිපදවූ පෙගසස් (Pegasus) නම් ”ඔත්තු බැලීමේ”  මෘදුකාංගය නිසාය. ඊශ්‍රායලයේ ‘එන්.එස්.ඕ ගෲප්’ (NSO Group)  ලොව ප්‍රධාන පෙළේ තොරතුරු ආවේක්ෂණ එසේත් නැතිනම් ඔත්තු බැලීමේ කටයුතු සඳහා තාක්ෂණික සහාය සපයන පෞද්ගලික සමාගමක් වන අතර, ‘පේගසස්’ යනු එම සමාගම නිපදවා ඇති මෘදුකාංගයකි. ලෝකයේ රටවල් රැසක රජයන්, බුද්ධි අංශ පමණක් නොව, පෞද්ගලික මට්ටමින් දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රධානීන් ආදිය ‘පෙගසස්’ මිලදී ගෙන එය භාවිතයට ගනිමින්, මාධ්‍යවේදින්, නීතීඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නායකයන් ආදීන්ගැන රහසේ ඔත්තු බැලීම…

Read More

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

Domestic violence on the rise during Lockdown

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පුළුල්ව පැතිර පවතින මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස වසංගතයට පෙර පවා ගෝලීයව පිළිගෙන තිබු අතර  ‘ COVID-19 පැතිරීම වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සංචරණ සීමා, නිවසේ රැඳී වැඩකිරීමට උපදෙස් සහ අධිකරණයට සීමිත ප්‍රවේශය වැනි සීමා යොදා තිබීම නිසා  ඍජුවම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි විවිධාකාර වැඩිවීමකට හේතුවී ඇති බව එම සංසදය කියා සිටියි. වින්දිතයින්ගේ ජීවිතවලට පෙර නොවූ…

Read More

OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්‍යන්තර විරෝධය!

yasmin sooka former security personnel to the OMP Bribery Commission

යුධ සමයේ  හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම රජය විසින් මෙහි සභාපතිවරයා ලෙස පත් කර තිබුණේ හිටපු විනිසුරුවරයෙකු වු උපාලි අබේරත්න මහතාය. මොහු තරුණයන් 11 කු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ විනිසුරුවරයෙකි. එසේම දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසමේ සභාපතිවරයාද විය. ඒ නිසා ඔහුගේ පත්වීම පිලිබඳ මෙරට සියලුම මානව හිමිකම් ක්‍රියාකාරීන් විරෝධය පළ කර සිටියහ. එම විරෝධය හමුවේ ඔහුව එම තනතුරින් ඉවත් කර හිටපු…

Read More

පලස්තීන/ඊශ්‍රායල ගැටුම් ගැන AMCA කථා කරයි.

Israeli–Palestinian conflict Asian Media and Cultural Association

පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ  හා මහ ලේකම් පැතුම් වික්‍රමරත්න යන අයගේ අත්සනින් යුතුව ලිපි යොමු කරමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සඳහන් මේ බව කියා ඇත. සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කරමින්, ඔවුන්ගේ දේපල විනාශ කරමින්, මාධ්‍ය ආයතන පවා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම යුධ ගැටුම්, ප්‍රජාත්නත්‍රවාදයට හා මානව හිමිකම් වලට සපුරා පටහැනි බවද, ආසියාකරයේ මාධ්‍ය නිදහස හා…

Read More

ඩිජිටල් හැඳුනුම් පතින් පුද්ගල තොරතුරුවලට අනතුරක්!

vaccination Digital ID card sri lanka Informatics Institute of Technology

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග එමඟින් පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි  අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගැනෙන බැවින් එහි අනතුර වැඩි වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව දැනුම් දී තිබුනි. කොවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළඹීම කාලෝචිත සහ අගය කළ යුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති…

Read More

හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!

Secret report to Britain on Army Commander Shavendra Silva ITJP

එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය  වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට අදාල පිටු පනහකින් සමන්විත එම වාර්තාව එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දී ඇත්තේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි. නඩු නැති ඝාතන ඇතුළු යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා වල විශ්වසනීයත්වය පදනම් කොටගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති…

Read More

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

p2p protest in sri lanka

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. උතුරු නැගෙනහිර පිහිටි තවත් පොලිස්ථාන  කිහිපයකින්ම ඉදිරියේදී තමන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශානක්‍යන් රාසපුත්‍රම් පවසන්නේ. ඔහු ඒ බව සදහන් කළේ පොලිස් නිලධාරීන් වෙත පෙබරවාරි 19 සිකුරාදා   ප්‍රකාශ ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවක් කැදවමිනි. P2P නමින් ප්‍රකට වූ පාද යාත්‍රාව “ප්‍රජාතන්ත්‍ර විරෝධි” යයි පවසන පොලිස් නිලධාරීන් ඊට එක්වීම…

Read More

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

Cases against Protest march coming from east to north

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් දියත්වූ සාම පාදයාත්‍රාවේ නියමුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ. එසේ වෙතත්, එම දිනවලම පාද යාත්‍රාවට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නායකත්වයෙන් පැවති ජන රැළි වලට එරෙහිව පොලිසිය පියවර ගන්නා බවක් දැනගන්නට නැත. මුලතිව් අධිකරණ බල ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින්  නියෝග පනවා තිබියදීත් එම ප්‍රදේශයට ඇතුල්වූ විරෝධතාකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බවට මුලතිව් පොලිස්ථානාධිපතිවරයා…

Read More