OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්‍යන්තර විරෝධය!

යුධ සමයේ  හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි.

මීට පෙර මෙම රජය විසින් මෙහි සභාපතිවරයා ලෙස පත් කර තිබුණේ හිටපු විනිසුරුවරයෙකු වු උපාලි අබේරත්න මහතාය. මොහු තරුණයන් 11 කු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ විනිසුරුවරයෙකි. එසේම දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසමේ සභාපතිවරයාද විය. ඒ නිසා ඔහුගේ පත්වීම පිලිබඳ මෙරට සියලුම මානව හිමිකම් ක්‍රියාකාරීන් විරෝධය පළ කර සිටියහ. එම විරෝධය හමුවේ ඔහුව එම තනතුරින් ඉවත් කර හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා පත් කෙරුණි.

හිටපු පොලිස්පතිවරයෙකු වූ ජයන්ත වික්‍රමරත්න මහතා අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභපාතිවරයා ලෙස පත් කිරීමෙන් අතුරුදහන් වූ පවුල් සඳහා සත්‍ය හා යුක්තිය සඳහා වූ කවර හෝ අවස්ථාවක් තිබේනම් එයද මකා දමනු ලබන බව සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා, සංක්‍රාන්තික යුත්කිය පිලිබඳ විශේෂඥ යැස්මින් සුකා මහත්මිය පවසයි.

යුද්ධය අවසාන වන විට සමූහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද පොලිස් ඒකක තුනක් භාරව කටයුතු කළ පුද්ගලයා දැන් අතුරුදහන් වීම් සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කිරීම තුල පොලිස් වධහිංසා වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාල ඔහුගේ විධාන අදාල භූමිකාව හේතුවෙන් සර්ව භෞමික අධිකරණ බලය යටතේ නඩු පැවරීමේ අවධානම දරණ ඉහළම රාජ්‍ය නිලධාරියෙක් බවද ඇය කියා සිටියි.

ඇය පවසන අකාරයට ආගිය අතක් නොමැති සහ බලහත්කාරී අතුරුදහන්වීම් පිලිබව ලෝකයේ දෙවැනි විශාලතම සංඛ්‍යා වාර්තා වී ඇති බවට සැලකෙන ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ දස දහසක සංඛ්‍යාවකගේ ඉරණම පිලිබඳ විමර්ශනය කිරීම භාරව ඇත්තේ අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාංශයටය. මේ නිසා මේ සා අපකීර්තියකට පත් ව්‍යුහයකට අරමුදල් සම්පාදනය කිරීමෙන් වලකින ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධන අරමුදලට හා ජාත්‍යන්තර ආධාර ලබා දෙන්නන්ට ලියා යවන අතරම ගැටලු සහගත පත්වීම් පිලිබඳ රහස්‍ය ලේඛනයක් ද යවන  බව ඇය කියා සිටියි.

එසේම වින්දිත තත්ත්වයට පත්ව විදේශයේ සිටින  අයට ඇය දන්වා සිටින්නේ මෙරට අරමුදලට තමන්ගේ මුදල් එවා බාල්දු කර නොගන්නා ලෙස එක්සත් ජාතීන් ඇතුලු අනෙකුත් ආධාර දෙන ආයතන වලින් ඉල්ලා සිටින ලෙසය.

අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාංශය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිලිබඳ ව්‍යුහයන් දෙකෙන් එකකි. එහි දෙවැන්න වන්නේ වින්දිතයින්ට ආධාර කිරීමේ චේතනාවෙන් පිහිටුවන ලද හානි පුර්ණ කාර්යාලය වේ.

යැස්මින් සුකා මහත්මිය පවසන්නේ ජනාධිපතිවරයාගේ මිත්‍ර පාක්ෂිකයෙකු වන විශ්‍රාමික මේජර් ‌ජෙනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු හානි පුර්ණ කාර්යාලයට පත් කිරීම තුල එයද දැන් මිලිටරිකරණය වන බවකි. පාවෙන අවි ගබඩා කොන්ත්‍රාත්තුවකින් එක්සත් ජනපද ඩොලර් මිලියන 62 ක මුදලක් අයුතු ලෙස අත්පත් කර ගැනීම සහ වංචා කිරීමට අදාලව පාලිත ප්‍රනාන්දුට හා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා ගොනු කළ යුතු යැයි පහුගිය ආණ්ඩුව විසින් පත් කරන ලද කොමිසමක් මඟින් නිර්දේශ කළ බවත් එහිදි පාලිත ප්‍රනාන්දුට ඉදිරියේදී රජයේ තනතුරු දැරිම වැලැක්විය යුතු බවටද නිර්දේශ කෙරුණු බව සිහිපත් කරන යැස්මින් සුකා මහත්මිය පවසන්නේ 2019 දී ආණ්ඩු වෙනසින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ දේශපාලන පළිගැනීමේ කොමිසම නිසා මොහු ජනාධිපති කොමිසමෙන් නිදෝස් කොට නිදහස් කිරිමටත් ප්‍රථම රජයේ තනතුරකට  පත් කළ බවය.

එමෙන්ම හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ මිතුරෙකු වන චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පත් කර ඇති බවය .

මානව හිමිකම් උල්ලංඝනය වූ වකවානුවකදී බලය හිමිව තිබු ආරක්ෂක නිලධාරීන්ම ඇතුලත් කර ඇති සංක්‍රාන්තික යුක්තිය පිලිබඳ යාන්ත්‍රණය සමඟ සුරක්ෂිතව ගණුදෙණු කිරිමට ශ්‍රි ලංකාවේ අතුරුදහන් වූ පවුල් වලට නොහැකි බවත් මෙම ව්‍යුහයන් පැවතීම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව බරපතල අනතුරේ වැටීමක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම