මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කරනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් විමසීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය පැවසීය.

සිවිල් සමාජ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් තේමානුගත අනුකමිටු ක්‍රමය ඉතා ඉක්මනින් යළි ස්ථාපිත කරන බව ද සභාපතිවරයා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ 2023 ඔක්තෝම්බර් 10 වන දින සිවිල් සමාජ නියෝජිතයන් සමග පැවති රැස්වීමකදීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කිරීම ශක්තිමත් කිරීම සඳහා කොමිෂන් සභාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සමීපව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිවිල් සමාජ නියෝජිතයින්ට ආරාධනා කළේය.
මෙම අවස්ථාවට කොමසාරිස්වරුන් වන මහාචාර්ය තයියමුතු තනරාජ්, මහාචාර්ය ෆර්සානා හනිෆා, නිමල් පුංචිහේවා සහ ආචාර්ය ගෙහාන් ගුණතිලක, කොමිසමේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.
Social Sharing
නවතම