හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!

එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය  වාර්තාවක් භාර දී තිබේ.

යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට අදාල පිටු පනහකින් සමන්විත එම වාර්තාව එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දී ඇත්තේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.

නඩු නැති ඝාතන ඇතුළු යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා වල විශ්වසනීයත්වය පදනම් කොටගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සිය පවුලටම පසුගිය වසර මුල පටන් එරටට පැමිණීම තහනම් කර තිබේ.

2020 ජූලි 6 වැනිදා ස්ථාපිත කරන ලද එක්සත් රාජධානියේ ගෝලීය මානව හිමිකම් සම්බාධක තන්ත්‍රය යටතේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන ලෙස ITJP ඉල්ලා සිටී.

“එම වාර්තාව සඳහාත්, ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ අණ යටතේ ක්‍රියාකරන්නන් සමග අදාළ සිදුවීම් සම්බන්ධ කිරීම සඳහාත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජීවත්වන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් විශාල පිරිසක් විසින් සපයන ලද එම සාක්ෂි අතිශයින් වැදගත් වූවා” යැයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නිවේදනයක් නිකුත් කරන සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානියේ නව සම්බාධක තන්ත්‍රය ශ්‍රී ලංකාවට අදාළව ක්‍රියාත්මක කිරීමට ඇති දේශපාලන අභිලාෂය මෑතදී පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු නියෝජිතයන් එකොළොස් දෙනකු විසින් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ශ්‍රී ලංකාවේ යුද නායකයන්ට අදාළව එක්සත් රාජධානිය විසින් සම්බාධක නොපනවන්නේ ඇයිදැයි විමසා සිටීම විසින් ගම්‍යමාන වූ අතර එම සන්දර්භය තුළ සය වතාවක් ජෙනරාල් සිල්වාගේ නම සඳහන් කෙරුණු බවද ITJP සඳහන් කරයි.

Secret report to Britain on Army Commander Shavendra Silva ITJP

Secret report to Britain on Army Commander Shavendra Silva ITJP

Social Sharing
නවතම