හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!

Plans to provide riot control training to prison intelligence officers!

කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය ” ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය ”…

Read More

වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?

Did the Wariyapola detainee escape? Released by mistake?

වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර ඇත්තේ වැරදීමකින් බව වාරියපොල පොලිසිය අධිකරණයට දන්වා සිටි බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය. වාරියපොල පොලිසිය විසින් මෙම රැඳවියාව නැවත අත්තඅඩංගුවට ගෙන පහුගිය 03 දා වාරියපොල දිසා විනිසුරු වෙත ඉදිරිපත් කර තිබු අතර එහිදී මොහුව දින 14 ක් කුලියාපිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බාර දෙන ලෙස නියෝග කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදරටත්…

Read More

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”

Release Tamil political prisoners

කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම විපක්ෂයේ දෙමළ දේශපාලන නායකයන් ද  එක්ව තිබුනි. උතුරේ දී මන්නාරමේ සිට මුලතිව් දක්වාත්, නැගෙනහිර දී මඩකලපුවේ සිට අම්පාර දක්වාත් සංවිධානය වී පවතින මෙම විරෝධතාවයන් මගින් ආණඩුවට බලකර සිටින්නේ, කොරෝනා දෙවැනි රැල්ලේ දී වෛරස් ආසාදනය වඩාත් සීඝ්‍රයෙන් ඉහල යමින් තිබෙන තත්වය යටතේ දේශපාලන සිරකරුවන් සානුකම්පිත හේතු මත වහාම නිදහස් කරන ලෙස යි. මෙම සිරකරුවන්ගේ දරුපවුල් ඔවුන්…

Read More

බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!

Correctional service for prison officers

බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව නිසා මානසික අසහනයට පත් වුවෝ වෙති. තරඟ විභාගයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව හිමි කරගන්නා මොවුන්ට පුහුණු කිරීම්, උසස් වීම් ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොතිබිම නිසා මේ කිසිඳු කාර්යයක් ක්‍රමානුකූලව මෙතෙක් කාලයක් සිදු වී නොමැත.  ඔවුන්ගේ ගැටලු පහුගිය කාලය පුරාම පැවතිණි. විවිධ ගණයේ රැඳවියන් හා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියා දිරි…

Read More

මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!

mahara prison mosque

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත. එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත්  සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත. කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස…

Read More

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්

Secretary to the Ministry of Defence Political Revenge Commission

වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පිළිගැනීම් සිදුකළේ නම් අද බොහෝ පිරිසකට ඉන්නට සිදුවන්නේ හිරිගෙවල් වල බවත්, වැරදි කළ බව පරීක්ෂණ මගින් තහවුරු අය හැර වෙනත් අය කිසිදු හේතුවක් නිසා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ජනපති, අගමැති, ආණ්ඩුව හෝ…

Read More

නීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!

Lawyer Senaka Perera Prisoner Rights Protection Committee mahara prison clash

මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය  රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ  පරික්ෂණ වලින් හෙළි වී අවසන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. නමුත් තවමත් අධිකරණය තුලත් ඉන් පිටත් මෙම පරීක්ෂණ වලට බාධා කරන තත්ත්වයක් පවතින බවත් රජයේ නීතිපති නියෝජනය කරන රජයේ අධි නීතිඥවරිය පවා අධිකරණයෙන් අසා සිටින්නේ අගතියට පත් පාර්ශවයට පෙනී සිටිමට ඇති අයිතිය කුමක්දැයි බවත් මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු කියා සිටියි. නමුත්…

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

Prisons in Sri Lanka are unsuitable for human beings BBC

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ සදහා බන්ධනාගාරයන්ට අමතරව රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. මෙම අධ්‍යයනයේ දී එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සාකච්ඡාවට බඳුන් කර තිබේ. 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු…

Read More

මහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!

Ja-Ela prisoner killed in Mahara shooting

මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ වල ගීත ගායනා කිරීම වෘත්තිය කර ගත් සම්පත් මිට මාස පහකට පමණ ප්‍රථම මත්කුඩු සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි. සම්පත් මහර බන්ධනාගාරයේ දිවි ගෙව්වද ඔහුගේ දරුවන් දැන් සිටියේ තම පියා රට ගොස් ඇති බවකි. බන්ධනාගාර වෙඩි තැබීමෙන් එම දරුවන් තිදෙනාට දැන් සිය පියා…

Read More

“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ

Lohan Ratwatte Prison Ordinance

“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන්  අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…

Read More