ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ සදහා බන්ධනාගාරයන්ට අමතරව රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. මෙම අධ්‍යයනයේ දී එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සාකච්ඡාවට බඳුන් කර තිබේ.

2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.

එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

BBC සිංහල ඇසුරිනි…

Social Sharing
නවතම