බන්ධනාගාර ගත වන පිරිස ඉහළට!

2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019 වසරේ බන්ධනාගාර ගතවූවන් ඉහළ ගොස් ඇත.

මෙහිදී ආරක්ෂාව මදිකම නිසා හෝ නඩු විභාගය තෙක් හෝ ආරක්ෂාව පතා බන්ධනාගාර ගත වීම් 115,325 කි. මේ ප්‍රමාණයද පහුගිය වසර 07 හා සලකා බැලීමේදී 2019 වසරේ බන්ධනාගාර ගත වූ සංඛ්‍යාව වැඩිය.

එමෙන්ම 2019 වසරේදී දඬුවම් ලැබීම සඳහා බන්ධනාගාර ගත වූවන් 29,164 කි. බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් 183 කු මිය ගොස් ඇත.

බන්ධනාගාරයේ සියලු කාර්යයන් සඳහා 2019 වසරේදී රුපියල් 6210642 ක මුදලක් වැය වී ඇතැයිද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  පවසයි.

මේ වන විට ආරක්ෂිත බන්ධනාගාර 04 ක්, රිමාන්ඩ් බන්ධනාගාර 18 ක්, තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන 02 ක්, වැඩ කඳවුරු 10 ක්, විවෘත වැඩ කඳවුරු 02 ක්, සිර මැදිරි 23 ක් හා බන්ධනාගාර පාසලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ඇත. සිරකරුවන්  හා සැකකරුවන් 25,110 ක් පමණ 2019 වන විට ඔවුන් යටතේ සිටියි.

-ශානි-

Social Sharing
නවතම