ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ. සෙනසුරාදා හවස 5 පුස්තකාලය වහන නිසා අපි එලියට වෙල එයින් පිටවෙන දැනුම පිපාසිතයන් දෙස බලා හිටිය. අපට මතක් වුනේ ලංකාවේ අපි සමාජිකත්වය ලබා සිටි පුස්තකාල හා ගාළුමුවදොර ‘ගෝටාගෙදරපල’ ගමේ පුස්තකාලයේ ඉරණම. මම පාසැල් පුස්තකාලවලට අමතරව ගෝණාපීණුවල – මීටියාගොඩ ගම්සභාවට අයත් ආරච්චිකන්දේ තිබූ පුස්තකාලයේ සමාජිකත්වය තිබුන. ඇත්තටම එහි තිබුනේ ගමේ [මටිවල] ශ්‍රි රාහුල ප්‍රජාමණ්ඩලයේ සාමුහික සමාජිකත්වයක්.…
Read MoreTag: දේශපාලන මතවාද
ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බවය. ඒ අනුව එම ගෑස් සමාගම මේ වනවිට සිය ගෑස් තොග, කර්මාන්ත සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණක් නිකුත් කරයි. රට තුළ ගෑස් හිඟය මෙසේ උත්සන්න වෙනවිට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාවක් ලංකාවට ආසන්න මුහුදේ නැංඟුරම් ලා ඇති බවද එහි තිබෙන ගෑස් තොග ගොඩබා ගැනීම සඳහා ලංකාව සතුව ඩොලර් නැති…
Read Moreජාතික සම්පත් කියන තරම් ජාතිකද?
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා එය අඩු මුදලකට භාන්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් හෝ වැඩි ස්ථිර රැකියා ප්‍රමාණයක සැපයූ පමණින් ජාතික සම්පත් වශයෙන් හැඳින්විම සුදුසුදැයි සොයාබැලීම මෙම ලිපියේ අරමුණයි. ප්‍රශ්නගත “සම්පත්” වශයෙන් සැලකෙන ආයතන අයත් ක්ෂෙත්ර ලෙස ගමනාගමන, මහාමාර්ග, දුම්රිය, විවිධ කර්මාන්ත, වරාය, ගුවන් තොටුපොළ, විදුලිය, ඉන්ධන සහ බලශක්තිය, ඉඩම් හා වාරි ව්‍යපෘති දැක්විය හැකියි. පොදුවේ ගත් කල රජයේ ආයතන…
Read Moreපුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්රජාතන්ත්රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…
Read Moreපුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී පුපුරා ගොස් ඇත්තේ ගෑස් ටැංකි හෝ ලිප් හෝ පමණක් නොවේ. ඇතැම් දේශපාලන මතවාද ද පුපුරා ගොස් ඇත. ඇතැමුන්ට ඒ බව නොතේරෙනවා විය හැකිය. එහෙත් බොහෝ දෙනාට ඒවා තේරුම් ගන්නට වුවමනාවක් නැතිවා විය හැකි ය. බොහෝ…
Read Moreතිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.
තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය සහ වැදගත්කම කුමක් වූවත්, අපට වැදගත් වන්නේ එම ආගමික ස්ථානයට යන බැතිමතාගේ අපේක්ෂාවයි. ඒ අර්ථයෙන් ගත් විට, ලෝකය පුරා තිබෙන සෑම ප්‍රධාන පෙළේ ආගමික ස්ථානයකම පුදපූජාවන්ට වර්තමාන අරුත් ලැබී තිබෙන්නේ, ඒවා වන්දනාමාන කරන සැදැහැවතුන්ගේ අපේක්ෂාවන් සහ ප්‍රාර්ථනාවන් අනුව ය. ඒ සියලු ප්‍රාර්ථනා සහ අපේක්ෂා එකට ගත් විට, ලාභය සහ අලාභය හෙවත් ලැබීම සහ නොලැබීම යන…
Read More31න් පසු පීබී නෑ
එලබෙන දෙසැම්බර් 31 දා සිට තමන් දරණ තනතුරින් ඉල්ලා අස්වීමට අවසර දෙන්න යැයි ඉල්ලමින් පී. බී ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. අමාත්‍ය විමල් වීරවංශ මහතා පී බී ජයසුන්දරව වරක් හැඳින්වූවේ ‘ආර්ථික ඝාතකයා’ ලෙසය. මෙවැනි දැඩි විරෝධතා හමුවේ වර්තමාන ජනාධිපතිවරයාගේ ලේකම් බවට පත්වූ පී බී ජයසුන්දර ලංකාවේ මහා භාණ්ඩාගාරය දීර්ඝම කාලයක් හැසිරවූ පුද්ගලයාද වෙයි. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ ලංකාව තුළ වර්තමානයේ උද්ගත ආර්ථික අර්බූදයට ප්‍රධානම හේතුව පීබීගේ ආර්ථික උපාය මාර්ග බවයි. පසුගිය දා අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපතිවරයා…
Read Moreඑන්න, විධායක ජනාධිපති ක්රමයේ රඟ සොබාව නරඹන්න
“ප්රජාතන්ත්රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” – නොබෙල් ත්‍යාගලාභී, දිමිත්‍රි මුරටෝව් (2021) ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කළ හැකි දෙයක් නැත. කෝප් කමිටුව (රාජ්‍ය ව්‍යවසාය) සහ කෝපා කමිටුව (රාජ්‍ය ගිණුම්) ඇතුළු විවිධ නම්වලින් පාර්ලිමේන්තු කාරක සභා තිබුණත් ඒවායින් වැඩක් නැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉහත කී කෝප් කමිටුව ඉදිරියට කැඳවා, ආයෝජන මණ්ඩලයේ මූල්‍ය අක්‍රමිකතා සමහරක් පිළිබඳව ප්‍රශ්න කරනු ලැබීමෙන් මහත් අපහසුතාවයට පත් ඒ මහත්වරු…
Read Moreපී බී යයි!
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව එය බව දැනගන්නට ඇත. යුගදනව් බලාගාර ප්රශ්නය සමග ආණ්ඩුව ඇතුලත දේශපාලන අර්බූදය උත්සන්න වී ඇති අතර ආණ්ඩුව සමග සිටින සුළු පක්ෂ, මෙම බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව අධිකරණය ඉදිරියට යන බව ප්‍රකාශ කර ඇත. මේ අතර වාර්තා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විදෙස්ගතවී ඇති බවය. මේවනවිට පාර්ලිමේන්තුවද ජනාධිපතිවරයා විසින් වාරාවසාන කර…
Read MoreBLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර
චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ මෙවරත් පවත්වනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්? 1997 ඉඳන් මම මේ ප්‍රදර්ශනය පවත්වාගෙන එනවා. මගේ පළමු ප්‍රදර්ශනය පැවත්වුණේ ‘සැමරිය නොහැකි සැමරුම්’ කියලා. 1983 ජූලි 23 උතුරේදී ඝාතනය වූ සොල්දාදුවන් 13 දෙනා කොළඹ ගෙනෙනවා. එතැන ඉඳලා…
Read More