නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා නොකළ අතර කතා කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය නිරාකරණය විය යුතු බව යැයි කියන මතයේ සිටි බවත් ඒ් මතයේ තවමත් සිටින බවත්  ඒ මහතා පවසයි.

කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවෙයිද? නොහැකි වෙයිද? කියා තමන් නොදන්නා බවත් නමුත් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් එය ඉතා වැදගත් බවද ඔහු කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ  (10) කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අසමත්වීම මත බැසිල් රාපක්ෂ මහතාට මුදල් අමාත්‍යංශය ලබා දිම වැනි තීන්දුවක් ගැනීමක් සිදු වූයේද යන්නය.

”ඒ තර්කය දැම්මොත් ජනාධිපතිතුමා ඇමතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි කැබිනට් ඇමතිවරුන්ට පවරලා තියෙන්නේ. කැබිනට් ඇමතිවරු හරහා එම විධායක බලය රාජ්‍ය ඇමතිවරු දක්වා පහළට දීලා තිබෙනවා. එය කළ යුතු දෙයක් මිසක් ජනාධිපතිවරයාට කරන්න බැරි නිසා කරන දෙයක් නෙවෙයි. ඒ  විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. වැරදියි.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

-ශානි-

Social Sharing
නවතම