පී බී යයි!

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව එය බව දැනගන්නට ඇත.

යුගදනව් බලාගාර ප්‍රශ්නය සමග ආණ්ඩුව ඇතුලත දේශපාලන අර්බූදය උත්සන්න වී ඇති අතර ආණ්ඩුව සමග සිටින සුළු පක්ෂ, මෙම බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව අධිකරණය ඉදිරියට යන බව ප්‍රකාශ කර ඇත.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විදෙස්ගතවී ඇති බවය. මේවනවිට පාර්ලිමේන්තුවද ජනාධිපතිවරයා විසින් වාරාවසාන කර ඇත.

Social Sharing
නවතම