විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…
Read MoreTag: එක්සත් ජාතීන්ගේ සංවිධානය
මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…
Read Moreජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්…
Read Moreමුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…
Read Moreජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත කර ඇති යෝජනා කොයි තරම් දුරකට ක්‍රියාත්මක කර ඇත්ද යන්න විමසා බැලීමක් සිදු කෙරෙන බවද ( දැනටමත් එ් වාර්තාව ඉංග්‍රිසි බසින් පළ වෙලා තිබෙනවා) ඒ් වාර්තාවට අනුව මහ කොමසාරිස්වරිය ලංකාව ගැන සතුටට පත් වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් යැයි ද…
Read More“ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” – එක්සත් ජාතීන්
කොරෝනා වසංගතයෙන් ලෝකය බේරා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කර ඇති කාන්තාවන් විද්‍යා ක්ෂේත්රයේ රැකියා වලින් කොන් කිරීමට එරෙහිව මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබේ. අදට යෙදී ඇති විද්‍යාවේ නිරත කාන්තාවන් හා දැරියන්ගේ ජගත් දිනය නිමිතිකොට “ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” මැයෙන් එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ ගතානුගතික සමාජ සම්මත විසින් විද්‍යා, තාක්ෂණික, ආර්ථික විද්‍යා හා ගණිත (STEM) ක්ෂේත්‍ර වල කාන්තාවන් වෘත්තිකයන් වීම වලක්වා ඇති බවයි. නිවේදනය මෙසේයි: “අපගේ අනාගතය සලකුණු වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මඟින් බව දැනට පවතින වසංගත තත්වය…
Read More“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read More“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්රාහයෙන් සමන්විත වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි. එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා පත් කිරීම ගැන සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා…
Read Moreමානව හිමිකම් කොමසාරිස්වරිය අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් – ගම්මන්පිල
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය බෙදුම්වාදී කොටි සංවිධානයේ බළල් අතක් බවට බලශක්ති අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්රාහයෙන් සමන්ත වූ 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇති අතර එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන බව මීට පෙර අමාත්‍යවරයා විසින් දන්වා සිටින ලදි. මෙහි අඩංගු අන්තර්ගතය පිලිබඳ අවධානය යොමු කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ එම…
Read Moreශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා ගැන බලපෑම්!
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වීමත් සමගම සාමසාධනය සඳහා යැවෙන භට පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටම බලපෑම් මතුවී තිබේ. මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විසින් ජනවාරි 17 දා ප්‍රසිද්ධියට පත් කෙරුණු අලුත්ම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණු එක් කරුණක් වූයේ සාමසාධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා භට පිරිස් සම්බන්ධ සෝදිසි කිරීම් පුනරීක්ෂණයට ලක් කරන ලෙසයි. හමුදා භට පිරිස්වල පූර්ව පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය සහමුලින්ම ඛාදනය වී ඇති බවට අනතුරු අඟවා සිටින එම…
Read More