කොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ් ෆසීම් ඇතුලු 21 දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර අයිතිය වෙබ් අඩවිය මේ පිළිබඳව නීතීඥ ජයන්ත දෙහිඅත්තගේගෙන්විමසීමක් සිඳුකළ විට දී පවසා සිටියේ ඔවුන්ව පාලියගොඩ පොලිසීය වෙත ගෙන ගිය බවත් ඔවුන්ට එරෙහි චෝදනාව වී ඇත්තේ ලේකම් කාර්‍යාලයේ ගේට්ටු අවහිර කිරීම බවත්ය. එසේම අත් අඩංගුවට පත්වූවන් අද පස්වරු 1.00ට කොටුව මහේස්ත්‍රත් අධිකරණයට…

Read More

සංදර්ශනය හා සමතුලනය

Galleface protest Show and balance Udan Fernando

– උදන් ප්‍රනාන්දු – ‘සංදර්ශන සමාජය’ හෙවත් ‘ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්’ යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි දෝ යන්න සැක සහිත ය. සමහරු ඉන් හඟින්නේ සැබෑ පෙණුමෙන් වියුක්ත රැවටිලිකාර මායාවක් බව ය. ප්‍රේක්ශාව යන පදය ස්පෙක්ටකලයට තම කණ්ඩායම කලක් තිස්සේ භාවිතා කළ බව එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් මට කීවේ ය. කෙසේ වෙතත්, මගේ තේරුම් පමණින්, ස්පෙක්ටකල කේන්ද්‍රීය සංකල්පයේ අරුත වන්නේ නිදහස් ආර්ථිකයක හදවත වන වෙළෙඳ පොළ සමස්ත සමාජය සිසාරා තම පරමාධිපත්‍ය නව උපක්‍රම…

Read More

දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

Right-wing populism and the village of Gota Go

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස) අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස ‘ජනප්‍රියවාදය’ නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය. ජනප්‍රිය ස්වරූපයක් උසුළන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කවදත් සිටි බව සැබෑය. ලංකාවේ නම් බණ්ඩාරනායකගේ මැදිහත් වීම ද ඉන්පසු ඔහුගේ දියණිය වූ චන්ද්‍රිකාගේ ආගමනය ද ජනප්‍රිය ආණ්ඩුකරණයේ සන්ධිස්ථාන දෙකකි. ඊට අමතරව විජය කුමාරතුංග හෝ හෙළ උරුමයේ නැගීම ද දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන අවස්ථා ලෙස සලකුණු කල හැක. මේ දක්වා තිබූ ශක්තිමත්ම දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන බල හවුල ලෙස 2005 – 2014 මහින්ද රාජපක්ෂ මූලික බල හවුල…

Read More

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු

Galleface protest udan fernando

දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. ‘අරගලය’ තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන් කතා කරන සමාජ පැලැන්තිය ද ‘ගොයින් ටු අරගල’ වැනි වාක්‍ය තම ෆේස්බුක්වල ඉංග්‍රීසියෙන් පෝස්ටු සටහන් කරණු දක්නට ලැබේ. ‘ජයවේවා’ යන්න ද ඔවුන්ගේ සීමිත සිංහල වොකැබියුලිරිය තරමක් පුළුල් කළේ ය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය මූලික භාණ්ඩ හා සේවා කිහිපයක — ගෑස්, විදුලිය, ඉන්ධන, කිරි පිටි, බෙහෙත් — හිඟකම හා ඒවායේ දැරිය නොහැකි අධික මිල, අද අප ‘අරගලය’…

Read More

අරගලයට දින 50 යි

ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

Read More

අරගලය ලෙෆ්ට් ද? නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.

-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත පරම්පරාව අතින්ම එහි අරමුණු ගිලිහුනා. අපි එකිනෙකාට මේ ගැන වෙනස් වෙනස් කියවීම් තියෙන්න පුළුවන්. ඒත් මගේ කියවීම අනුව ගෝල්ෆේස් අරගලය අවසන්. අරගලය විසින් දිනාදුන් බොහෝ දේ අවතක්සේරු කිරීමක් මේකෙන් වෙන්නෙ නෑ. එක මොහොතකින් පස්සෙ ඊළඟ මොහොතට පරිණාමය වීම පිළිබඳ නොදැනුවත් බව විසින් අරගලය අනාගතයේ උරුමයක් වෙනවා වෙනුවට අතීතයේ ගිලීයාමක් බවට පත් වුනා කියන එකයි මගේ…

Read More

අපේ වගේම අරගලයක් ලෙබනනයෙත් තිබුණා..!

සුභාෂිණි චතුරිකා 2019 ව‍සරේ ඔක්තෝබර් දාහත්වැනිදා  ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි  බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු  ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල  ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම හඬින් බල කරමිනි.  ඔවුහු ඒ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වී සිටියහ. බො‍හෝ දෙනෙකුගේ රැකියා අහිමි වී තිබුණි, තවත් පිරිසකට  නිවසේ කුලිය ගෙවා ගත නොහැකි නිසා උන් හිටි තැන් අහිමිවද, තවත් සමහරෙක්ට එදා‍ වේල පවා සරි කර ගැනීමට නොහැකිතත්වයක් ද උදා වී තිබුනි.  එහෙත් ඔක්තෝබර් දාහත්වැනිදා ආණ්ඩුවට එරෙහි කෝපය එකවරම පුපුරායාමට ආසන්නතම හේතුව වූයේ,…

Read More

පියතුමාගේ විදේශ ගමන් තහනම්, CID නියෝගයක්.

ගාලුමුවදොර අරගල භූමියේ අඛණ්ඩව , දිවා රෑ නොබලා රැඳෙමින් , තරුණ තරුණියන් ආරක්ෂා කරමින්, අභීතව අරගලයට ජීවය දුන් ගරු.ජීවන්ත පීරිස් පියතුමාගේ සහ තවත් අරගල බිමේ පැමිණිලිකරුවන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් , ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය වහාම කොටුව අධිකරණයට බාර කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති විසින් නියෝග කොට ඇත. ඔහු මෙම නියෝගය කොට ඇත්තේ පසුගිය 09 දින ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ලකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු.ජීවන්ත පියතුමා හා තවත් පාර්ශවයන් විසින් කරන ලද පැමිණිල්ලට අදාළ නඩු කටයුත්තේ ඉදිරි විමර්ශන සඳහා බවට සඳහන් කර ඇත. 09…

Read More

ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත් යෞවන සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිතව බිහි වුණ බහුතරයක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය විසින් පවතින අධිපති මතවාදයන්ට ප්‍රති පක්ෂ මතවාදයන් වෙනුවෙන් පෙනී හිටියා. තවමත් එහෙමයි. ප්‍රවීණයො විතරක් නෙමෙයි විශේෂයෙන්ම තරුණ තරුණියන් සක්‍රීය ලෙස මෙම තත්වය තුළ නිර්මාණ වලින් මැදිහත් වුණා. මහාචාර්ය රංජනී ඔබේසේකර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගේ අය සිංහල නාට්‍ය…

Read More

අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා පතල් වාඩිවල ඉඳලා කොළඹ ආපු අපිට අජියගේ සින්දු වෙන සවුන්ඩ් එකක් වුණා. ඒක කනට කරන්ටෙක වදින සවුන්ඩ් එකක්. මට තවම මතකයි ඕෆ් එකේදි සෙට් වුණ අපේ නාට්‍යකාරයෙක් අජියා ගැන කියපු කතාවක්. ඌ මෙහෙම කිව්වා. ‘මල්ලි මියුසික් කියන්නේ කනට ප්‍රිය එකක්. හැබැයි අජියගේ මියුසික් කියන්නේ කන් කරච්චලයක්. ගෝෂාවක්. ඉතිං කොහොමද බන් ඕක මියුසික් වෙන්නේ’ මේක තමයි…

Read More