එක් පුද්ගලයෙකුගේ අවම මාසික වියදම රු. 17,117ක් දක්වා ඉහළට!

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව විසින් 2026 අප්‍රේල් මාසය සඳහා නිකුත් කළ නිල දරිද්‍රතා රේඛා දත්ත අනුව, මාර්තු මාසයට සාපේක්ෂව එම අගය රුපියල් 427කින් වැඩි වී තිබේ.

මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වී තිබුණි.

නිල දරිද්‍රතා රේඛාව මගින් පුද්ගලයෙකුගේ මූලික ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම ඇස්තමේන්තු කරනු ලබයි.

අප්‍රේල් මාසයේ දත්ත අනුව, දිස්ත්‍රික්ක අතර ඉහළම නිල දරිද්‍රතා රේඛාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය රුපියල් 18,461ක් ලෙස දැක්වේ.

එසේම, අවම නිල දරිද්‍රතා රේඛාව මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රුපියල් 16,367ක් ලෙස සඳහන් වේ.

මෙම සංඛ්‍යාලේඛන මගින් ජීවන වියදම් අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාව තවදුරටත් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්