කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා ‘ජාතික කාන්තා කොමිෂන් සභාව’ පිහිටුවයි

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් සවිබල බලගැන්වීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව යන ආයතන මැදිහත්ව ‘ජාතික කාන්තා කොමිෂන් සභාව’ පිහිටුවා තිබේ.

කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් තුරන් කිරීම පිළිබඳ ජාතනත්තර සම්මුතිය (CEDAW) මඟින් රජය වෙත පැවරී ඇති වගකීම සැලකිල්ලට ගෙන, මෙම ‘ජාතික කාන්තා කොමිෂන් සභාව’ පිහිටුවා ඇති අතර, මේ වන විට එහි සාමජිකයින්ද පත්කර අවසන් කර ඇති බව වාර්තා වේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා විසින් 27(2) යටතේ අසා තිබූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ස්වාධීන කොමි­ෂන් සභා අත­රට එක්වූ නව­තම ස්වාධීන කොමි­ෂන් සභාව වන්නේ ජාතික කාන්තා කොමි­ෂන් සභාව බව අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළාය.

ඒ අනුව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව පිහි­ටවූ ස්වාධීන කොමි­ෂන් සභා නව­යක් තිබූ අතර අලු­තින් පිහි­ටවූ කාන්තා කොමි­ෂන් සභාව සමඟ ස්වාධීන කොමි­ෂන් සභා 10ක් වන බව ද අග­මැ­ති­ව­රිය අනා­ව­ර­ණය කළාය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග­මැ­තිනි හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සඳ­හන් කළේ මෙරට මැති­ව­රණ කොමි­ෂන් සභාව ලෝකයේ හොඳම මැති­ව­රණ කොමි­සම බවට පත්ව ඇති බවයි. එමෙන්ම තරුණ ප්‍රජාව විසින් ඉල්ලා සිටින ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කරන ප්‍රධාන ආය­ත­නය බවට මැති­ව­රණ කොමි­ෂන් සභාව පත්වන බවත් ලෝකය තුළින්ම ඇගැ­යී­මට ලක්වීම සතු­ටු­විය හැකි කරු­ණක් බව ද අග­මැ­ති­ව­රිය සඳ­හන් කළාය. මෙය සුළු පටු කරු­ණක් නොවන අතර මෙහි ගරු­ත්වය මැති­ව­රණ කොමි­ෂන් සභා­වට හිමි­විය යුතු බවත් අග­මැ­ති­ව­රිය සඳ­හන් කළාය.

https://documents.gov.lk/view/bills/2024/5/495-2024_S.pdf

 

 

Social Sharing
නවතම පුවත්