
හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්ව විදියට යහපාලනේ කාලේ ආව ‘සුවසැරියේ’ පාට වෙනස්කරන එක වගේ වැඩ නම් ටිකක් ලාබ ගනයේ වැඩ. ගිලන්රථ වල ලංකාවේ පුරුදු පාට වෙච්ච සුදු පාට පසුබිමින් ඒක මාලිමා පාටට හරවනවා කියන්නේ එක පැත්තකින් ඒක අවිද්යාත්මකයි. අනික් පැත්තෙන් ඒක පරණ දේශපාලනයට අයිතියි (ඒ කිව්ව කරුණ සත්‍යයක් නම්).
ඒ කියන්නේ අපි පොඩි කාලේ තමයි ඔය ආණ්ඩුවක් මාරු වුනාම බස් වල පාට වෙනස්කරනවා වගේ ඉතාම ලාබ දේශපාලන උපක්‍රම භාවිත කළේ. ඒ කියන්නේ පාක්ෂික මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න.
හැබැයි මෑත කාලේ එක වෙනස් වෙලා ගියා. පස්සේ ආපු (විශේෂයෙන් යහපාලනයට පස්සේ) දේශපාලනය එතරම් ඔය වගේ උපක්‍රම වල එල්ලුනේ නැහැ. ලංගමේ පාට එහෙමම තිබ්බ. රේඩියෝ සිලෝන් එකේ ප්රවෘත්ති වාදනය වෙනස් කළේ නැහැ.
මාලිමාව ආවේ යම් ප්රබුද්ධ බවක් එක්ක දේශපාලනය කරනවා කියන පදනමේ ඉඳල. ඒ කියන්නේ පරණ ලාබ දේශපාලනයෙන් වෙනස් වෙනවා කියන පසුබිම එක්ක. ඒකට විද්‍යාත්මක හේතු ගොඩක් තිබ්බ. පාට වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනි දේශපාලනය නිසා නෙවෙයි විද්‍යාත්මක හේතුවක් එක්ක වගේ දෙයක් එක්ක.
නමුත් සුවසැරිය වෙනස් වීම සම්බන්දයෙන් එහෙම පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් ආවේ නැහැ.
මාලිමා ආණ්ඩුව ප්රබුද්ධ බව සහ පරණ අතාර්කික දේශපාලන එක්ක තවමත් අරගලකාරී දෝලනයක ඉන්නවා කියල මට හිතෙනවා.
පොදු ප්‍රවාහනය දියුණු කිරීම, අධ්‍යාපනය වෙනස් කිරීම, පරණ අපරාධකරුවන් ඇල්ලීම වගේ තැන්වල මේ ආණ්ඩුව ප්රගතිශීලි බවක් පෙන්නනවා. හැබැයි මේ වෙද්දී ගොඩක් තැන්වල අසාර්ථක බවට අමතරව අප්රබුද්ධ දේවල් ටිකකුත් කෙරෙමින් පවතිනවා.
ඒ වගේම මාලිමාවේ ජනතා ප්‍රසාදය සෑහෙන පමණකින් පසු බසිමින් තිබෙනවා. හැබැයි මිනිස්සු පරණ දේශපාලනයේ ආදීනව හොඳින් දන්නා නිසා ඉවසාගෙන ඉන්නවා. මිනිසුන්ට මේ මොහොතේ නිශ්චිත දිශාවක් හෝ විකල්පයක් නැතිකම මාලිමාව අසරණකමක් ලෙස සලකන්නේ නම් ඒක ලොකු වැරද්දක් වෙයි.
