ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පාසලක පනස් හැවිරිදි ගුරුවරයකු විසින් එම පාසලේ 05 ශ්‍රේණියේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දහ හැවිරිදි වියේ පසු වන සිසුවියන් දෙදෙනා සිය දෙමාපියන් දැනුවත් කර ඇති අතර ඒ අනුව දෙමාපියන් විසින් ඉකුත් 18 වනදා ඌරුගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම ගුරුවරයා විසින් 5 ශ්‍රේණියේ ළමුන් සඳහා ගණිත පන්තියක් පවත්වා ඇති අතර එහි විවේක කාලය ඇතුළත දී මෙම අතවරය සිදු කළ බව මෙම සිසුවියන් දෙදෙනා තම දෙමාපියන්ට පවසා ඇත.
ඒ අනුව අදාල දැරිවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාව ඊයේ දිනයේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.