පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම වාර්තාවල සඳහන් ය.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරන්නැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්යවරයානියෝගයක් ද නිකුත් කර ඇති බවයි.
ටෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා භාවිත කරන ‘අනවසර‘ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බව විදෙස්වාර්තා සඳහන් කළේ ය.