නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක් හා පොලිස් භාණ්ඩාගාර අරමුදලෙන් රුපියල් ලක්ෂයක්ද බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් හිටපු හමුදා සෙබලාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ ඉකුත් 16 වෙනිදාය. හෙට්ටිපොල, පටපිලිගම පදිංචිව කේ.ඩී. සමන්ත පෙරේරා නම් හිටපු යුද හමුදා සෙබලාට මෙසේ වන්දි මුදල් ගෙවන ලෙස පොලීසියට නියම වී ඇත.
කේ.ඩී. සමන්ත පෙරේරා 1996 වසරේදි පමණ ශ්‍රි ලංකා යුද හමුදාවට එක් වී ඇති සමන්ත 2002 …
වැඩිපුර කියවන්න