පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය.  ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය.

පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය.

කෙසේ නමුදු හිටි හැටියේම ඊයේ (18) දින පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.  ඒ් මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදි  මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාරවලදී කරන පරීක්ෂණ ගැඹුරින් අධ්‍යයනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් නීති කටයුතු කිරීමට සාමාන්‍යයෙන් ප්‍රමාදයක් පවතින බවත්, මෙම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 42නෙක්ට හෝ ආසන්න පිරිසකට ජූලි මාසයේ මැද වන විට නඩු පැවරීමට හැකි බවත්ය.

එසේම මෙම ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාවට සාධාරණයක් ලබාදීමට හැකි සියලු නීතිමය කටයුතු සිදු කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.

පසුගිය නීතිපතිවරයා නඩු පැවරීම් සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා නිකුත් වන තුරු සිටි බවත්, ඒවායේ පරස්පරතා ඇත්ද යන්න සෙයා බලා අධ්‍යයනය කර ඒ අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු අයවලුන්ට ගැලවී යාමට අවස්ථාවක් නොදීමට සියලු සාක්ෂි අධ්‍යයනය කළ යුතු හෙයින් නඩු කටයුතු ප්‍රමාද වූ බවත්, අමාත්‍ය  සරත් වීරසේකර මහතා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දී සිටියේය.

ශානි

dailyreporter

Social Sharing
නවතම