PCR පරීක්ෂණ අර්බුදය !

මේ වන විට ලංකාවේ දෛිනකව සිදු කෙරෙන පි.සී.ආර් පරික්ෂණ 25,000 සිට 10,000 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.

එසේම මේ වන විට ප්‍රදේශ රැසක පි.සි.ආර් පරික්ෂණ, ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා සිදු කිරීම් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. කොවිඩ් ආසාදිතයින් හඳුනාගන්නා මේ පරීක්ෂණ අවම කිරීමෙන් සිදු වෙන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩු වීමය.

කෙසේ නමුදු මේ වන විට කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා වන බව නොරහසකි. මෙවන් පසුබිමක් යටතේ පි.සි.ආර් පරික්ෂණ කිරිම නවතා දැමීම ඉතාම බේදජනක තත්ත්වයකි.

මේ අතර කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) දින රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ මෙය කිසිසේත්ම වාර්තා වන රෝගීන් අඩු කිරීමක් නොවන බවය.

සිදු කර ඇත්තේ අනවශ්‍ය අකාරයෙන් සිදු කෙරෙන පි.සි.ආර් පරික්ෂණ ක්‍රියාවලිය අත්හිටුවීම බවත් ඊට නිදසුනක් ලෙස ඔහු ගෙනහැර දැක්වුයේ කර්මාන්ත ශාලාවක කිහිප දෙනෙකු පොසිටිව් වු විට මුලු කර්මාන්ත ශාලාවටම පි.සි.ආර් සිදු කිරීම කාලෝචිත නොවන බවත් ඉන් සිදු වන්නේ පි.සි.ආර් පරික්ෂණ ගොඩ ගැසීමත්, ඒවා අස්ථානගත වීමත් පමණක් බවය.

වෛද්‍ය රසායනාගර වල පි.සි.ආර් පරික්ෂණ ගොඩ ගැසීම, වාර්තා ප්‍රතිඵල ප්‍රමාද වීම ආදිය සම්බන්ධව පසුගිය කාලය පුරා විවේචනයට ලක් වී තිබුණි.  මේ පරික්ෂණ වාර්තා කඩිනම් කර ගැනීමට නම් රසායනාගාර වලට අවශ්‍ය පහසුකම් සපයන ලෙස රසායනාගාර වෘත්තීය සමිති ඉල්ලා සිටින ලදි.

නමුත් ආණ්ඩුව රසායනාගාර සේවාව ශක්තිමත් කිරීම වෙනුවට දැන් සිදු කර ඇත්තේ පි.සී.ආර් පරික්ෂණ ක්‍රියාවලිය අඩු කිරීමය. නමුත් මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබුණේ ආසාදිතයින් හඳුනා ගැනීමට නම් හඹා ගොස් පි.සී.ආර් පරික්ෂණ කළ යුතු බවත් දැනට සිදු කරන පරික්ෂණ ධාරිතාව ඉහළ දැමිය යුතු බවත්ය.

එහෙත් සිදු වුයේ අනෙක් පැත්තය. මෙය එක්තරා අයුරකින් වාර්තා වන රෝගීන් ප්‍රමාණය සැඟවීමට උත්සහ ගැනීමක් ලෙසද සැලකිය හැකිය.

එසේම අලුත් අවුරුද්දට පෙර එනම් දෙවැනි කොවිඩ් රැල්ල අවසානයේද රජය හොර රහසේම පි.සි.ආර් පරික්ෂණ නවතා දමා තිබු අතර අද අප මේ තුන්වැනි රැල්ලට ගොදුරුව සිටින්නේ එහි ප්‍රතිඵලයක් නිසා බව අමතක නොකළ යුතුය.

ශානි

Social Sharing
නවතම