ෆැපරල් සංවිධානයෙන් මැතිවරණ පැමිණිලි භාර ගැනීමට ඒ්කකයක්

සමබිමක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැපවෙමින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බැලීම සඳහා ෆැපරල් සංවිධානය විසින් පැමිණිලි ඒ්කකයක් ස්ථාපිත කර ඇත.

ඒළැඹෙන අගෝස්තු 05 වන දිනට පැවැත්වීමට සැලසුම්කොට ඇති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් මෙන්ම මැතිවරණ නීතියට අනුකූලව සිදුවිය යුතු බවද ඒ අනුව පෙර මැතිවරණවලදී මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑම් එල්ලවන රාජ්‍ය දේපල අවභාවිතයන් , මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බලමින් අදාල මැදිහත්වීම් සිදුකිරීමට පැමිණිලි ඒකකයක් ස්ථාපිත කළ බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයන්ට බාධාකාරී වන රාජ්‍ය දේපළ අවභාවිතයන් නිතීවිරෝධී ප‍්‍රචාරක කටයුතු සහ මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියාවන් පිළිබඳ තොරතුරු 011- 2558570 යන දුරකථන අංකය ඔස්සේ  ෆැපරල් පැමිණිලි ඒකකය වෙත ලබාදී පුරවැසි භූමිකාව ඉටු කරන ලෙසත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම