මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව භික්ෂු සංවිධානයේ එකමුතුවේ කැඳවුම්කරු, සාහසික වියරුව පරදවමු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසයි.

කට මැල්කම් රංජිත්ගේ වුවාට ඒ හඬ මැල්කම් රංජිත්ගේ නොවන බවත් ඔහු මෙවැනි ප්‍රකාශ කරන්නේ මෙරට කුමන ජන කොටසක් නියෝජනය කරමින්ද යන්න විමසිය යුතු අතර උලපනේ හිමියන් පවසන්නේ ඔහුගේ ජන කොටසේ සංයුතිය අනුව මේ රටේ පිරිස ඔහුට පාරට බැස්සවිය නොහැකි බවත් ඒ නිසා ඔහු නායකයෙකු නම් මීට වඩා සංයමයකින් යුක්තව කටයුතු කළ යුතු බවය.

පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මාධ්‍ය වෙත සිදුකළ අතිශයින් දේශපාලනික මුහුණුවරකින් යුක්ත වු සහ වෛරී ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින අතරම ප්‍රතික්ෂේප කරන බවද උන් වහන්සේ  පවසයි.

ආගමික නායකයෙක් අදහස් ප්‍රකාශ කිරිමේදී තමන්ගේ අනුගාමිකයින් පිලිබඳව මෙන්ම සෙසු සහෝදර ආගම් පිලිබඳව මීට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට  සහජීවනය, සංහිඳියාව අගය කරන පිරිසක් ලෙස පැහැදිලි කර දිය යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

ඔහු මේ ආමන්ත්‍රණය කරන්නේ බෞද්ධ ගැලරියට බවත් ඒ තුලින් හුදු ජනප්‍රියතාවයක් / ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වන බවද ඒ අනාගතයේ ඔහුගේ කූඨ දේශපාලනයන් සාර්ථක කර ගැනීමට බවද උලපනේ සුමංගල හිමියන් කියයි.

මැල්කම් රංජිත් සර්ව බලධාරි දෙවි කෙනෙකු විශ්වාස කරමින්, යාඥා කරමින් එහෙත් යුක්තිය ඉල්ලන්නේ ආණ්ඩුවෙන් බව පෙන්වා දෙන සුමංගල හිමියන් පවසන්නේ ඔහු ආගමේ මුවාවෙන් දේශපාලන ප්‍රකාශ නිකුත් කරන බවය.

උලපනේ සුමංගල හිමි මේ බව පැවසුවේ පසුගිය 05 වනදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

-ශානි-

Social Sharing
නවතම