ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

පසුගිය 03දා සවස නෙලු‍ම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි.  ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක් ලෙස හෙළා දුටු සංවිධායිකාවක් ඇයගේ ජයග්‍රහනයේ කිරුළ බලයෙන්ම උදුරා දෙවැනි තැන දිනු තරගකාරියට කිරුල පැළදවූයේය.

පුෂ්පිකාද සිල්වා පළමුතැනට නොපැමිණයේ නම් දික්කසාද ප්‍රශ්ණයක් පැන නගින්නේ නැත. කැරොලින් ජූරි බලා සිට ඇත්තේ ඇය පරදිනු ඇතැයි සිතාය. පසුව ඔටුන්න ලබා ගැනිමට පොලීසි යෑමට ද සිදුවිය.

ඒ සසිරිබර ශ්‍රී ලංකාවේය.

එසේ නමුත් මිලිටරි කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගෙන දැනට හය සියයකට ආසන්න විරෝධතාකරුවන් අමු අමුවේ ඝාකනය කර ඇති මියන්මාරයේ රූ රැජින සිය කිරුළ පාවිච්චි කළේ එකී විසකුරු මිලිටරියට එරෙහිව ලෝක ජනමතය ගොඩ නැගීමටය. ඇය 22 හැවිරිදි පැසි පන්දු ක්‍රීඩිකාවක්ද වන හැන් ලේය.

පසුගිය මාර්තු 29දා පැවැති Miss Grand International 2020 තරඟාවලියේදී ඇය වේදිකාව මත සිට අන්තර් ජාතික මාධ්‍ය හමුවෙහි මෙසේ කීවාය.

” මා මෙහි නැගී සිටින මේ අවස්ථාවෙහිත් මගේ රටෙහි ජනයා සිය ගණනින් මරා දැමෙනවා. එය ඉතා කණගාටුදායකියි. අපට ඔබගේ සහාය අවශ්‍යයි. මියව්මාරයේ ජනයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීදි බහැලයි ඉන්නේත මටත් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. කරුනාකර අපට සහාය වෙන්න.”

මින් මාසයකට පමණ පෙර 22 හැවිරිදි හන් ලේ මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන් හි වීදිවල හමුදාවට එරෙහිව උද්ඝෝෂණයන්ට සෙසු සහෝදර සිසු සිසුවියන් සමඟ සහභාගි වූවාය.

Miss Grand Myanmar against the military government Mrs sri lanka

නිල පාට මුඛ ආවරණයක් පැළද සිටන්නේ හැන් ලේ ය (BBC)

යැන්ගුන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන හන් ලේ, සිය මව්රට ගැන ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සුදුසුම වේදිකාව Miss Grand International 2020 යැයි තීරණය කළාය.

“මියන්මාරයේ මාධ්‍යවේදීන් සිරගත කරලා.. ඉතින් මම කතා කරන්න තීරණය කළා,” යනුවෙන් ඇය BBC සේවය වෙත අදහස් පළ කර තිබුණි.

මිනිත්තු දෙකක් පමණ වූ තමන්ගේ කතාව මියන්මාර හමුදාවේ අවධානයට යොමුවී තිබෙන බව ඇය කියා තිබේ.

හමුදාව හෝ බලධාරීන් මෙතෙක් ඇයට කතා කර නැ. එනමුත්  සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල වන බව හන් ලේ පවසයි. “සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. මම මියන්මාරයට එනවිට සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා.”

Miss Grand Myanmar against the military government Mrs sri lanka

උපුටා ගැනීම – Sri Lanka Brief

Social Sharing
නවතම